අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කවුද යකෝ බණ්ඩගේ ඇස් වැහුවේ?…

by editor
මැයි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

columගෝල්ෆේස් ගෝඨාගෝගමෙහි ඇති SWRD සමරැ පිළිරැවෙහි දෑස් කලු රෙදි කඩකින් වසා සාම්ප්‍රදායික දේශපාලන මාවතට විරෝධය පෑමට තරැණ පිරිසක් පසුගිය සතියේ දිනක උත්සුක වූහ. එහි සංස්කෘතික සංඛේතාර්ථය පිළිබද විද්වත්හු බොහෝ දෙනෙක් කතා කළහ. එහෙත් සෑම පුරවැසියාටම ඔය කතා නොතේරෙයි.

පසු දිනක රාත්‍රියේ එතනට වන් වෙනත් පුද්ගලයෙක් මෙය දැක කුපිත වී බෙරිහන් දෙන්නට විය.

“කවුද යකෝ බණ්ඩගේ ඇස් වැහුවේ?”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහුට පිළිතුරැ දීමට කිසිවෙක් ඉදිපත් නොවූහ. ඉන් තවතවත් කිපිණු මිනිසා ඇස් බැන්දුම ඉවත් කරණු වස් පිළිමය දිගේ ඉහළට බඩ ගාන්නට විය.

අමාරැවෙන් උඩට නැග පිළිරැවෙහි ඇස් බැදි රෙදි කඩ ඉවත් කිරීම සඳහා අත තබනවාත් සමග ඔහුට කිසිවෙකු කතා කළේය.

“මේ ප්ලීස්, ඕක ගලවන්න එපා අයිසේ!”

මිනිසා වට පිට බැලුවේය. ගෝඨාගෝගම හරි බිසීය. ඔහු කෙරෙහි අවධානය යොමු කරන කිසිවෙකුත් එහි පෙනෙන්නට නැත. ඔහු නැවත ඇස් බැන්දුම් ගැටයට අත තැබුවේය. පෙර කටහඩ නැවත ඇසෙන්නට විය.

“එක පාරක් කිව්වම තේරෙන්නෙ නැද්ද ඕයි. ඕක ගලවන්න එපා”

මිනිසාට අසූහාරදාහට කේන්ති ගියේය.

“කවුද යකෝ හැංගි හැංගි මට නක්කල් දාන එකා. ගෝල්ෆේස්එකේ චණ්ඩි ඉන්නව නම් වරෙන්ඩෝ එළියට” මිනිසා ගුගුළේය.

“කෑ ගහන්න එපා මෝඩයෝ, මේ මම. බණ්ඩාරනායක”

මිනිසාට හීන් දාඩිය දැමීය. දැන් ඒ කටහඩෙහි ඔහුට හුරැ පුරැදු බවක් දැනෙයි.

“ඇයි සර් ඇස් බැදපු රෙදිකඩේ ගලවන්න එපා කියන්නේ. එහෙම කොහොමද මුන් සර්ගේ ඇස් වහන්නේ? මම ගලවනවා රෙද්ද” පිළිරැවට නැගි හිතවතා මුරණ්ඩු විය.

“රෙද්ද ගලවන්න එපා ඕයි. මට ලැජ්ජයි” පිළිරැව හෙමිහිට කීවේය.

“මොන රෙද්දටද සර් ලැජ්ජ වෙන්නද? මෙතන ඉන්න බබාලා දන්නවද සර් මේ රටට කරපු දේවල්?” මිනිසා ඇසුවේය.

“ඒක තමයි යෝදයෝ ප්‍රශ්නේ. මෙතන ඉන්න උන් දන්නවා මම රටට කරපු දේවල් ඔක්කොම. ඒ හින්දා මගේ ඇස් දෙක වහලම තියෙනවා. නැත්තන් උන් කරන කියන ඒවා දැක්කම මට ලැජ්ජා හිතනවා” පිළිරැව කීය.

“මට තේරෙන්නෙ නෑ සර්” මිනිසා පිළිරුවට කීවේය.

“පනස්හයේදී මම හොයා ගත්තා මිනිස්සුන්ගේ ඇස් වහන ක්‍රමේ. ඊට අවුරැදු හැට හයකට පස්සෙ මුන්ගේ ඇස් ඇරීගෙන එනකොට මම කොහොමද ඒ දිහා ලැජ්ජාවක් නැතුව බලං ඉන්නේ?. මොකෝ මම ගෝඨද? නෑනේ?” පිළිරැව කීය.

“ඒවුනාට සර්, සිංහල විතරක් රාජ්‍ය භාෂාව නොකරන්න අපිට මෙහෙමවත් සිංහල රටක් ඉතිරි වෙයිද?.” මිනිසා ගෞරවාදරයෙන් කීවේය.

“කෑගහන්න එපා බූරැවෝ. ඒනිසා රටට වුණු වින්නැහිය තෝ නොදන්නවට මුන් දන්නවා” පිළිරැව පිළිවදන් දීය.

“සඟ වෙද ගුරු ගොවි කම්කරු කියලා පටන් ගත්ත සර්නේ අරගලයේ නියම නිර්මාතෘ” මිනිසා මතක් කළේය.

“ඒ උන් ඔක්කොමයි,  එහෙම කියද්දි මට අමතක වුණු අනිත් ඔක්කොම උන් හැමෝමයි, දැන් මුන් එක්ක මෙතන ඉන්නවනේ බං. ඒකාලේ මට ඔය ලයින් එක අහු වුණේ නෑනේ. නැත්තං නිකං බොරැවට වෙඩි කන්න වෙන්නෙත් නෑ” පිළිරැව නහයෙන් ඇඩුවේය.

“ඒ වුනාට සර් වෙඩි වැදුණු වෙලේ කිව්වේ ‘කසාවතක් ඇදි මෝඩ මිනිහෙක් මට වෙඩි තිබ්බා. ඒකට වෙන කාගෙන්වත් පළි ගන්න එපා’ කියලනේ” මිනිසාට තමා කියවූ චරිත කතාවේ වැදගත්ම වගන්තිය සිහි විය.

“ඉතිං ඕයි හතර නිකායට බෙදුණට දැන් ඉන්න හැම එකාම උගෙන් පැවතෙන උන් වගේනේ බැලූ බැල්මට පේන්නේ. වෙනසකට තියෙන්නේ සෝමාරාම එල්ලුම් ගහේ ගියාට දැන් ආරාමවල ඉන්න අය ලිස්සනගහේ වුණත් ඉහළටම යනවනේ” පිළිරුව දොස් කීවේය.

“රෙද්ද බැනියම ආරිය සූට් එක ඇදලා කලිසම ගලවල එංගලන්තෙන් ආපු ඔබතුමා අපේ දේශපාලනඥයින්ට දායාද කරපු ඔය ඇදුමම ඉතිං කොච්චර වටිනවද?” මිනිසා කීමට දෙයක් නැතුව කීවේය.

“අම්මගෙ රෙද්ද. මුන් ඔක්කොම මේ කපටි සූට්එක කොපි කරයි කියලා දන්නව නම් මම එදා යන්නේ රෙදි නැතුව” පිළිරැවට කේන්ති ගියේය.

“හරි දැන් සර්ට මොකක්ද වෙන්න ඕන? මම ඇස් බැදපු කලු රෙද්ද ගලවන්නද එපාද?” මිනිසා අවසනට ඇසීය.

“තමුසෙ මගේ රෙද්ද ගලවන්න කරදර වෙන්න එපා. මෙතන ඉන්න උන් දැනටමත් ඒක කරලා ඉවරයි. හැබැයි මගේ ඇස් අරින්නනම් එපා. හැට හයකට ඉස්සෙල්ලා මුළු රටේම උන්ගෙ ඇස් අන්ධ කරපු මට, උන්ගේ ඇස් ටික ටික ඇරීගෙන එනකොට ඒ දිහා බලාගෙන ඉනින බෑ ලැජ්ජයි ඕයි”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු බලය උරගාන්නට සිටි නියෝජ්‍ය කථානායක තේරීම අද අවිනිශ්චිතයි !

Next Post

සජබ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මෙන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.