අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මෙන්න…

by editor
මැයි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජනබලවේගය විසින් විශ්වාසභංග යෝජනා දෙකක් ඊයේ (03) කථානායකවරයා වෙත භාර දුන්නේය. ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය ප්‍රශ්නගත එක්ක බව නීති විශාරදයෝ කීහ.

මේ දැක්වෙන්නෙ රජයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය යෝජනාවය.

 

2022.05.03

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මහලේකම්,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාව

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 43(1) වගන්තිය ප‍්‍රකාරව අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ උත්තර දීමට බැදී සිටින නමුත්, අග‍්‍රමාත්‍යවරයා ඇතු  අමාත්‍ය මණ්ඩලය විසින් එකS සාමූහික වගකීම සහ උත්තරදීම පැහැර හැර ඇති හෙයින්ද සහ කඩ කර ඇති හෙයින්ද,

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය ප‍්‍රකාරව රාජ්‍ය මූල්‍ය පිළිබද සම්පුර්ණ බලය පාර්ලිම්න්තුව සතු වුවත්, මුදල් ඇමැතිවරයා ඇතුඑ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව සතු මුදල් බලය ව්‍යවස්ථා විරෝධී ලෙස අත්පත් කරගනිමින්, පාර්ලිමේන්තුව සතු මුදල් බලය අත්තනෝමතිකව තමන් වෙත පවරා ගැනිමට ආණ්ඩුව කටයුතු කර ඇති හෙයින්ද, රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම ආණ්ඩුව පැහැර හැර ඇති හෙයින්ද,

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 27 වැනි වගන්තිය ප‍්‍රකාරව ප‍්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුවද, ජීවන තත්වයෙහි නිරන්තර ප‍්‍රවර්ධනයද අත්කර දීමට ආණ්ඩුව කි‍්‍රයා කල යුතු නමුත්, ආණ්ඩුව විසින් නීති විරෝධි ලෙසද අත්තනෝමතික ලෙසද, සදාචාර විරෝධි ලෙසද,එකී වගකීම පැහැර හැර ඇති හෙයින්ද.

වංචාවට සහ දුෂණයට මුල් තැන දෙමින් රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තිය අත්තනෝමතික ලෙසද, වංචනික ලෙසද, සදාචාර විරොධි ලෙසද,  තමන්ට සහ තම ගජ මිතුරන්ට වාසි ලැබෙන අකාරයට මෙහයවිම නිසා දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තාවන රට බවට ශි‍්‍ර ලංකාව පත් කොට රට බංකොලොත්භාවයට පත් කර ඇති හෙයින්ද,

මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව රුපියල් ටි‍්‍රලියන 3 කට අධික මුදල් ප‍්‍රමාණයක් මුද්‍රණය කරමින් රටට දරාගත නොහැකි උද්ධමනයක්, ඇති කිරීමට ආණ්ඩුව චේතානාන්විතව කි‍්‍රයා කල ඇති හෙයින්ද එවැනි අති විශාල මුදල් ප‍්‍රමාණයක් මුද්‍රණය කිරීමට හේතුව මුල්‍ය පාලන බලතල පැවරී ඇති පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව පැහැර හැර ඇති හෙයින්ද,

රසායනික පොහොර තහනම වැනි කෘෂිකර්මාන්තයට අදාල අත්තනෝමතික තීන්දු තීරණ ගැනීම නිසා ගොවීන්ගේ ජීවනෝපාය විනාශ කොට දමා කෘෂිකර්මාන්තයද විනාශ මුඛයට ඇද දමමින් ආහාර හිඟයක් ඇති කිරීමටද, රටෙහි අහාර සුරාක්ෂිතභාවය නැති කිරිමටද ආණ්ඩුව ක‍්‍රියාකර ඇති හෙයින්ද,

රසායනික පොහොර තහනම නිසා වගා හානිවූ ගොවීන්ට වන්දි ලබාදෙන බවට ආණ්ඩුව ප‍්‍රසිද්ධියේම සහතික වී ඇති නමුත්, ඒ සඳහා අවශ්‍ය කිසිදු කි‍්‍රයාමර්ගයක් ආණ්ඩුව විසින් ගෙන නොමැති හෙයින්ද,

ගොවි ජනතාවට පොහොර ලබා දීමේ සද්භාවි චේතනාවෙන් නොව වංචනික ලෙස, මුදල් ඉපයිමෙ  චේතනාවෙන් කබනික පොහොර ආනයනය කිරිමට ආණ්ඩුව කටයුතු කිරිම මගින් භාණ්ඩාගරයට පාඩු සිදු කොට ගොවි ජනතාවට අවශ්‍ය ප‍්‍රමිතියක් සහිත පොහොර ලබා දිම පැහැරහරිමන් ගෙවි ජනතාව තවදුරටත් ආණ්ඩුව විසින් දුෂ්කරතාවයට පත්කර ඇති හෙයින්ද, එමගින් රටේ  ආහර සුරාක්ෂිතභාවයද, ආණ්ඩුව නැතිකර ඇති හෙයින්ද,

රටේ නිසි පැවැත්ම සහ යහ පැවැත්ම පවත්වාගෙන යාමට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය සහ විධායකමය තීරණ ආණ්ඩුව විසින් චෙිතානාන්විතවද, නිතිවිරෝධි ලෙසද, අත්තනොමතික ලෙසද සහ සදාචාර විරෝධි ලෙසද නිසි අවස්ථාවේදී නොගැනීම නිසා රටේ ආර්ථිකය බරපතල ලෙස කඩාවැටීමටත්, දළ ජාතික නිෂ්පාදිතය පහත වැටීමටත්, ජන ජිවිතේ කඩාකප්පල් කිරිමටත් ආණ්ඩුව කටයුතු කර ඇති හෙයින්ද,

ආණ්ඩුවෙි වංචාවට සහ දුෂණයට මුල්තැන දෙන ප‍්‍රතිපත්තිය සහ වැරදි අර්ථික කලමණාකරනය හේතුවෙන් රට තුල ඛණිජ තෙල් හියක් ඇති කොට ආණ්ඩුව විසින් රට තුල තෙල් පෝලිමි යුගයක් නිර්මාණය කොට රටේ පුරවැසියන් එම තෙල් පොලිමි වලින් මිය යන තරමට ඔවුන්ව දුෂ්කරතාවයට පත්කර ඇති හෙයින්ද, එම ඛනිජ තෙල් හිගය හේතුවෙන් රටේ සමස්ථ අර්ථිකය සහ ජන ජිවිතය විනාශ මුකයට ඇද දැමිමට ආණ්ඩුව කටයුතු කල ඇති හෙයින්ද,

දුෂණයට සහ වංචාවට මුල් තැන දෙමින් ආණ්ඩුව කටයුතු කිරිම නිසා ජන ජවිතයට අත්‍යඅවශ්‍ය අංගයක්වු ගෑස් හිගයක් දරුණු ලෙස රට තුල ඇතිකොට ආණ්ඩුව, ජනතාව පිඩාවට පත්කොට ජන ජිවිතය සමිපුර්ණයෙන්ම කඩා කපල් කොට ඇති බැවින්ද, එසේ දුෂණයට මුල් තැන දෙමින් ප‍්‍රමිතියෙන් තොර ගැස් සැපයිමට ආණ්ඩුව කටයුතු කිරිම මගින් අංහිසක පුරවැසියන් 8 දෙනුකුට ජිවත හානි සිදු කරමින් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය යන අපරාධයට ආණ්ඩුව අනුබල දිම සිදු කොට ඇති හෙයින්ද, තවත් විශාල පුරවැසින් සංඛයාවකට එමගින් ශාරිරක සහා දේපල හානි සිදුකිරමට ආණ්ඩුව කටයුතු කර ඇති හෙයින්ද,

ආණ්ඩුව විසින් දුෂණය සහ වංචාවට මුල් තැන දෙමින් වැරදි සහගත ලෙස  සහ අත්තනොමතික ලෙස, රටේ අර්ථිකය සහ බල ශාක්ති සැපයිම කලමනාකරනය කිරිම හේතුවෙන්  රටේ පුරවැසියන්ගේ මුලික අවශ්‍යතාවයක්වන විදුලිය ආඛණ්ඩව සැපයිමට ආණ්ඩුව අපහොසත්වි ඇති හෙයන්ද, එමගින්  රටේ ජනතාව දරුණු ලෙස පිඩාවට පත්කොට  රටේ අර්ථිකයද විනාශ මුඛයට ඇද දැමිමට ආණ්ඩුව කටයුතු කර ඇති හෙයින්ද,

 

අත්‍යවශ්‍ය ඖෂධ, රොහල් උපකරණ සහ රොහල් පවත්වාගෙන යාමට අත්‍යඅවශ්‍ය අඛාණ්ඩ විදුලිය ලබා දිම පැහැරහරමින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රය දරුණු ලෙස කඩා වැටිමකට ආණ්ඩුව ලක් කර ඇති හෙයින්ද, එමගින් ජනතාවයගේ ජිවිතයන්ට ඉතා අනතුරු දායක තාත්වයක් ඇති කරමින්, රෝගින් මිය යාමට සලස්වමින් ජනතාවගේ ජිවත්විමෙ  අයිතියද, ආණ්ඩුව විසින් නැතිකර ඇති හෙයින්ද,

කොරෝනා වසංගතය අවස්ථාවේදී සෞඛ්‍ය අංශ ලබාදුන් විද්‍යාත්මක මාර්ගෝපදේශ නිසි පරිදි ක‍්‍රියාත්මක නොකට මිත්‍යා දෘෂ්ටික කි‍්‍රයාමර්ග කෙරහි යොමු වෙමින් කටයතු කිරිම නිසා එම වසංගතය හේතුවෙන්  පුද්ගලයින් දහසය දහසකට වැඩි පිරිසක් මිය යාමට  ආණ්ඩුව ඉඩ සලසන ලද හෙයින්ද,

සුදුසු අවස්ථාවෙිදි එන්නත් ඇනවුමි නොකිරීමෙන් ඉහළ මිලකට එන්නත් ලබාගැනීමට සිදුවීමෙන්ද, එන්නත් මිලදි ගැනිමේද දුෂණයට සහ වංචාවට මුල් තැන දෙමින් කටයුතු කිරිමෙන් ද, ශ‍්‍රී ලංකා ජනරජයට මූල්‍ය පාඩුවක් සිදුකිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති හෙයින්ද, නිරෝධානය ඇතුඵ කොවිඩි 19 වසංගතය පාලනය කිරිම සදහා ගතයුතු කි‍්‍රයාමර්ග කි‍්‍රයාත්මක කිරිමේ දි වංචාවට සහ දුෂණයට මුල් තැනදෙමින් තමන්ට සහා තම ගජමිතුරන්ට නිති විරෝධි ලෙස මුදල් ඉපයිම සදහා එම කි‍්‍රයමාර්ග යොදා ගැනිම හේතුවෙන්  රටේ මහජනතාව ආණ්ඩුව විසින් බලවත් අසාධාරණකමි සහ දුෂ්කර තාවයන්ට පත්කරන ලද හෙයින්ද,

ආණ්ඩුවේ දේෂපාලඥෙයන්ගේ සහ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ උවමනාව මත රක්ෂිත වනාන්තර හෙලිකරිම, නිති විරෝධි ලෙස පස් කැපිමි සහ වැලි ගෙඩ දැමිම වැනි නිති විරෝධි පරිසර විනාශයන්ට ඉඩ ලබාදෙමින් ආණ්ඩුව විසින් අරක්ෂා කිරිමට බැදි සිටින  රටේ පරිසරය විනාශ කිරිමට ආණ්ඩුව කටයුතු කර ඇති හෙයින්ද,

සීනි කිලෝ ග‍්‍රෑම් එකක් සදහා පනවා තිබු බද්ද, තමන්ට සහ තම ගජ මිතුරන්ට වාසි ලබා ගැනිමෙ  නිති විරෝධි සහ වංචනික චෙිතනාන්වෙින් යුතුව රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කොට ජනතාවට ඉන් ලැබිය යුතුවු සහනය ලබා දිමට පියවර නොගෙන තමන්ට සහ තම ගජමිතුරන්ට එකි වාසිය වංචිනික ලෙස ලබා ගනිමින් භාණ්ඩාගරයට ලැබිය තිබිය යැතුව තිබු රු බිලියන 10කට අදික ආදායම ශි‍්‍ර ලංකා ජන රජයට අහිමි කිරිමට ආණ්ඩුව වංචනික ලෙස කටයුතු කර ඇති හෙයින්ද,

දුෂණයට සහ වංචාවට මුල්තැන දෙමින්  රටේ අර්ථිකයද, රජ්‍ය අයතන සහා රජයේ කි‍්‍රයාකරමි ද පවත්වාගෙනයාම මගින් සහ  රටේ ආර්ථිකය පටු පෞද්ගලික වාසි තකා හිතමතාම අයථා කලමනාකරනය කිරිම මගින්   රටේ අත්‍යඅවශ්‍ය අහාර දව්‍ය වල දරුණු හිගයක් ඇති කොට,  රටේ පොලිමි යුගයක් නිරමණය කිරිමට අණ්ඩුව කටයුතු කර ඇති හෙයින්ද, අත්‍යඅවශ්‍ය අහාර දව්‍ය වල මිල ජනතාවට දරා ගත නොහැකි ලෙස වැඩිවෙනලෙසට අණ්ඩුව කටයුතු කර ඇති හෙයින්ද, 2003 අංක 9 දරන පාරිභොගික කටයුතු අධිකාරියේ පනතේ ප‍්‍රතිපාදන කි‍්‍රයාත්මක කොට භාණ්ඩ හා සේවා මිල වැඩිවීම පාලනය කොට ජනතාවට සහන සැලසීමට ආණ්ඩුය පැහැර හැර හෙයින්ද එමගන් ජන ජිවතය කඩාකපල් කොට මන්ද පොශණය ඇති කොට,  රටේ අහාර සුරාක්ෂිත භාවය නැති කොට ජනතාව ඉමහත් දුෂ්කරතාවයන්ට සහ  වද වෙදනාවන්ට ආණ්ඩුව පත්කර ඇති හෙයින්ද,

ආණ්ඩුවෙ  කි‍්‍රයාකරම් වලදි, විශේෂයෙන්ම විශාල ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරිමේදි විනිවිදභාවයකින් කටයුතු නොකොට දුෂණය සහ වංචාවට උපරිම ලෙස ඉඩ ලබාදෙමින් භාණ්ඩාගරයට විශාල මුදලක් අහිමිකරමන්  රටේ අර්ථිකය විනාශ මුඛයට ඇද දැමිමට අණ්ඩුව කටයුතු කර ඇති හෙයින්ද,

ආණ්ඩුව එරහිව හඩ නගන දේෂපාලන, සිවිල්, මාධ්‍ය සහ වෘත්තිය සමිති කි‍්‍රයාකාරින් සහ ඔවුන්ගේ කි‍්‍රයාකාරකමි නිති විරෝධි ලෙස මර්ධනය කරමින් සිය දේෂපාලන පැවැත්ම සදහා  රටේ නිතිය චේතනාන්විතව සහ නිතිවිරෝධි ලෙස අවභාවිතා කිරිිමටද  රටේ පුරවැසියන්ගේ මණව හිමිකමි උල්ලංඝනය කිරිමටද, ශී‍්‍ර ලංකා ජන රජයේ ව්‍යවාස්ථාව උල්ලංඝනය කිරිමටද, ආණ්ඩුව කටයුතු කර හෙයින්ද,

සමස්ථයක් වශයෙන් ආණ්ඩුව වංචාවට සහ දුෂණයට මුල්තැන දෙමින් වැරදි සහගත ලෙස  රටේ අර්ථිකය අයථා කලමනාකරනය කිරිමෙන්  රටේ අර්ථිකය විනාශ කොට, රට බංකොලොත්භාවයට පත්කර ඇති හෙයින්ද, එමගින්  රටේ ජනතාව කිසි දිනක අත් නොවිඳ ඇති අකාරයේ දුෂ්කරතාවයන්ට පත් කොට, ඔවුන්ගේ ආහාර සුරක්ෂිතභාවය සහ ජිවත්විමේ අයිතියද, අහිමි කොට ජන ජිවිතය සමිපුර්ණයෙන්ම කඩාකප්පල් කර ඇති හෙයින්ද, ආණ්ඩුව ව්‍යවාස්ථාව ඇතුඑ  රටේ නිතිය බරපතල ලෙස උල්ලංඝනය කර සහ/හෝ අවභාවිතා කර ඇති බැවින්ද, පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකමි දරුණු ලෙස උල්ලංඝනය කර ඇති බැවින්ද, එකි කරණා අනුව ජනතාව ආණ්ඩුව කෙරහි තැබු විශ්වාසය ආණ්ඩුව බරපතල ලෙස කඩකර ඇති හෙයින්ද,

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා, ඇමති මණ්ඩලය ඇතුලු ආණ්ඩුව බලයට පත්වීමේදී ජනතා වරමක් ලබාගත් ‘‘සෞභාග්‍යයේ දැක්ම’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය උල්ලංඝනය කරමින් ජනතාව ඒ කෙරෙහි තැබූ විශ්වාසය ආණ්ඩුව කඩකර ඇති හෙයින්ද

රටේ සාතිශය බහුතරයක් අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව බලයෙන් පහ කළ යුතු බවට වන අදහසක සිටින බව තහවුරු වන හෙයින්ද

අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතුලත් ආණ්ඩුව කෙරහි  විශ්වාසයක් නොතබන බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කවුද යකෝ බණ්ඩගේ ඇස් වැහුවේ?…

Next Post

ඇල්ලේ හෝටලේ විනාශ කළ අපරාධකරුවන් තවමත් නිදැල්ලේ

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.