ශ්‍රියානි විජේසිංහ –
වෛද්‍යවරුන් රටහැරයාම හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එල්ල වී ඇති තර්ජනයන් සම්බන්ධයෙන් මේ දක්වාම පාලකයන්ගෙන් සතුටුදායක තීන්දු තීරණයන් නොලැබීම හේතුවෙන් අද (02) සිට පළාත් මට්ටමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සංකේත වැඩ වර්ජනයක් ලෙස පැවැත්වීමටත් අද දිනයේදී ඌව පළාතෙත් ආරම්භ කරන වැඩ වර්ජනය පළාත් මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටත් ඊයේ රැස්වූ මධ්‍ය කාරක කභාව ඒකමතිකව තීරණය කළ බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියි.
පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන සංකේත වැඩ වර්ජනය තුළ පාලකයින්ගෙන් නිසි විසදුම් නොලැබුණහොත් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා වුවද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර වනු ඇති බවත් එහිදී රෝගී ජනතාවට සිදුවන අසීරුතාවන්ට රජය වගකිවයුතු බවත් වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි.
වෛද්‍යවරුන් රට හැර යාම හමුවේ මේ වන විට සෞඛ්‍ය සේවාව කඩාවැටෙමින් පැවතියද පාලකයින්ගේ නිද්‍රශීලිභාවය හමුවේ රට හැර යාමට සිටින වෛද්‍යවරුන් 5000ක පිරිසක් රටතු රඳවා ගැනීමට නොහැකි තත්ත්වයක් දිනෙන් දින උදාවෙමින් පවතින බවද හෙතෙම පෙන්වාදේ.
දැනට පැන නැගි ඇති ගැටලුවලින් වැඩි හරියක් විසදිය යුත්තේ මුදල් අමාත්‍යංශය බවත් ඔවුන් වගේ වගක් නොමැතිව සිටින බවත් පෙන්වා දෙන සංගමය ඔවුන්ගේ ඇස් කන් ඇරවීමට ඉතිහාසායේ කවරදාකවත් නොපවැත්වූ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට අද දින රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.
වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනය පැවැත්වෙන පළාත තුළ මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල, වකුගඩු ප්‍රතිකාර ඒකක, සහ මානසික ප්‍රතිකාර ඒකකයන්හි වැඩ වර්ජනය නොපවත්වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.







