කල් ඉකුත්වන රියදුරු බපලත්‍ර වලංගු කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන පනතේ 126 වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති එම ගැසට් නියෝගයට අනුව 2021.04.01 සිට 2021.09.30 දක්වා කාලය තුළ කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරකින් සහ 2021.10.01 සිට 2022.03.31 දක්වා කාලය තුළ දී කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 06කින් ද දීර්ඝ කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනය පහත දැක්වේ.