චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නැවැත්වීම සඳහා රජයෙන් කිසිම තීන්දුවක් ගෙන නොමැති බව කෘෂිකර්ම ඇමති මහින්දානන්නද අලුත්ගමගේ කියයි.
චීන සමාගමක් විසින් එවා ඇති කාබනික පොහොර සාම්පල්වල අහිතකර බැක්ටීරියා ඇති බවට තහවුරු වී ඇති නිසා එම සමාගමෙන් පොහොර ආනයනය කිරීම පමණක් නවත්වන බව ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.
ඒ අනුව අදාල චීන සමාගමෙන් පමණක් පොහොර ආනයනය නොකරන බවත් චීනයෙන් උචිත කාබනික පොහොර ආනයනය කිරීමේ සැලසුම පවතින බවත් ඇමතිවරයා නිවේදනය කරයි…