බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කලහාකාරී ධීවරයින් සහ නාවිකය හමුදා නිලධාරීන් අතර ගැටුමක දී නාවික හමුදා ගනි අවියක් පත්තුවේ… ධීවරයින් දෙදෙනෙක් සුළු තුවාල සහිතව රෝහලේ…

by editor
ජනවාරි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නාවික හමුදා විධානයන්ට යටත් නොවී ඊයේ (27) දිනයේ රාත්‍රියේ  නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුන ඉන්දීය ධීවරයන් පිරිසක් මෙල්ල කිරීමට එම ධීවර යාත්‍රාවට ගොඩවුන නාවික හමුදා නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කළ ඉන්ධීය ධීවරයෙකුගේ සමග ඇති වුන ගැටුමක් අතර ගිනි අවිය පත්තු වී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට සුළු තුවාල සිදුවී ඔවුන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි වැදුන ධීවරයින්ගේ තත්ත්වය බරපතල නොවන බවත්, මෙම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 13 අතරෙන් ඉතිරි ධීවරයින් 11 දෙනා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාල බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති බවත් නාවිකය හමුදාව නිවේදනය කරයි.

නාවික හමුදාව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

2025 ජනවාරි මස 27 වැනි දින, යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරය යාත්‍රා විශාල ප්‍රමාණයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට ‍මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් එම විධානයට අයත් නාවික හමුදා යාත්‍රා යොදවා සිදු කෙරිණි.

එහිදි නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයවමින් මත්ස්‍ය තොග රැස් කරමින් තවදුරටත් එම මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් රැඳී සිටි එක් (01) ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දහතුන් දෙනෙකු (13) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණී.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එම ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට යාමේදී, නාවික හමුදාවේ නීත්‍යානුකූල නියෝගයන්ට අවනත නොවී, තවදුරටත් කලහාකාරී ලෙස හැසීරීම හේතුවෙන් එම යාත්‍රාව වෙත නාවික හමුදා කණ්ඩායමක් ගොඩවීම සිදු කෙරිණී. එහිදි නාවික හමුදාව එම යාත්‍රාව වෙත ගොඩවීම වැළැක්වීම සඳහා ඊට අවනත නොවි, නිත්‍යනුකූල රාජකාරීයට බාධා පමුණූවා, ඊට විශාල ප්‍රතිරෝධයක් දක්වමින් ආක්‍රමණශීලි ලෙස එම ධීවර යාත්‍රාව හසුරවමින් ඉන්දීය ධීවරයින් කලහාකාරීව හැසුරුණු අතර, නාවික හමුදාව වෙත පැවරී ඇති බලතල අනුව එම යාත්‍රාවට ගොඩවීමේදී, එම ධීවරයින් පිරිස සමූහයක් ලෙස ආක්‍රමණශිලීව පහරදීමට තැත්කර, නාවික හමුදා නිලධාරීන්ගේ ජීවිතයට අවධානමක් ඇති කරමින්, නාවික හමුදා නිලධාරියෙකු සතුව තිබු ගිනි අවියක් උදුරාගැනීමට උත්සහ කිරීමේදී, එම ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ධීවරයින් දෙදෙනෙකු හට සුළු තුවාල සිදු විය.

නාවික හමුදාව විසින් එම ධීවරයින් දෙදෙනා වෙත මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු, වැඩිදුර ප්‍රථිකාර සඳහා කඩිනමින් යාපනය ශික්‍ෂණ රෝහල‍ වෙත ඇතුලත් කිරීමට කටයුතු කෙරිණි. එම ධීවරයින්ගේ තත්වය බරපතල නොවන බව යාපනය රෝහල මඟින් තහවුරු කර ඇති අතර, නාවික හමුදාව විසින් සිද්ධිය සම්බන්ධයෙන් කන්කසංන්තුරය පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉතිරි ධීවරයින් එකොලොස් දෙනා (11) කන්කසංන්තුරය වරාය වෙත අද (2025 ජනවාරි 28) උදෑසන රැගෙන ආ අතර, ඉදිරි නිතීමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

අනවසර ධීවර කටයුතු සඳහා දේශීය ජල තීරයට සහ අනන්‍ය ආර්ථික කලාපය වෙත ඇතුල්වන ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් මීට පෙරද සිදුකර ඇති අතර, එහිදී නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් අත්අඩංගුවට ගෙන අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාල බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.

තවද, උතුරු මුහුදු ප්‍රදේශයේ මුහුදු තීරයේ ආරක්‍ෂාව වෙනුවෙන් සහ උතුරු පළාතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැ‍කදීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා අඛණ්ඩව කැපවී සිටියි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත්, විශ්වීය නෛතික මූලධර්මවලට අනුවත් හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න බෑ… ගම්මන්පිල පෙන්වා දෙයි!

Next Post

සුජීව සේනසිංහට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එවූ සිතාසිය අභියාචනාධිකරණයෙන් අත්හිටුවයි….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.