කරාටේ දෝ ක්‍රීඩාවේ ජාතික සංගමය වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය ක්‍රීඩා අමාත්‍ය රොහාන් රණසිංහ විසින් 2023 ජූලි 28 දින එනම් ඊයේ නිකුත් කර ඇත.
එම ගැසට් පත්‍රයට අනුව එම සංගමයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම සඳහා තාවකාලික මෙහෙයුම් පටිපාටියක් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් 09 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.
එම කමිටුවේ ප්‍රධානියා සී ඒ ජී ද සොයිසා වන අතර ලේකම්වරයා ලෙස වෛද්‍ය ජයලත් ඉලංගකෝන් පත් කර තිබේ.
එස්.සී.මැදවත්ත, වෛද්‍ය ජයන්ති ඒ.නානායක්කාර, මහිලිනී මයියුරන්, කේ.එම්.සී.කුමාර, ආර්.දේව කුමාර, ඒ.කේ.ශිරෝමි ෆොන්සේකා, ඒ.ආර්.එම්.ඉක්බාල් යන මහත්ම මහත්මීන් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්‍ෂණය යටතේ නිලවරණය කැඳවීම සහ පැවැත්වීම සඳහා නිලවරණ කමිටුවක් පත්කිරීමේ බලතල ද එම කමිටුවට පවරා ඇත.








