අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව මින් පෙර අත් අංගුවට ගත් රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයින් දෙදෙනාට අමතරව තවත් සෞඛ්‍ය කාර්ය සහායකයෙක් අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
මෙම පුද්ගලයා මුල්ලේරියාව පොලීසිය මගින් ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සෞඛ්‍ය කාර්ය සහායකයින් තිදෙනා අත් අඩංගුවට ගන්නේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 47 හැවිරිදි නේවාසික රෝගියෙකුට පහර දී ඔහු මරණයට පත් කර ඇති බවට වූ චෝදනා කරමිනි.
සැකකරුවන් තිදෙනා අද (29) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
එසේම මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ද ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද විමර්ශන ආරම්භ කර ඇත.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය කාර්යය සහායකවරුන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත්, විමර්ශනය සඳහා පත් කළ විශේෂ කමිටුව මේ වන විටත් රෝහල වෙත ගොස් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
සිද්ධිය පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් ද ඊයේ දිනයේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ගොස් රෝහල් අධ්‍යක්ෂවරිය ඇතුළු රෝහල් ප්‍රධානීන්ගෙන් මෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලින්ද ප්‍රකාශ සටහන් කරගෙන මුල්ලේරියාව පොලිස් ස්ථානයට පැමිණ විමර්ශන ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කර තිබේ.