කීර්ති ප්‍රනාන්දු –
ප්‍රධාන විදුලි ජනකවල ගැටලුවක් මතුවී ඇති අවස්ථාවක විදුලිය විසන්ධි කිරීම හෝ නොකිරීම සමබන්ධව සියයට සියයක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් එම ප්‍රකාශ සිදුවන්නේ සමස්ථය සලකා බලා වැඩි සම්භාවිතාවක් ඇති තත්වය සම්බන්ධව බවත් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්.එම්. රණතුංග ලංකාසරට පැවසීය.
සාමාන්‍යාධිකාරීවරයා මේ බව පැවසුවේ අද විදුලිය විසන්ධි නොවන බව ඔහු විසින් ප්‍රකාශ කළ ද දිවයිනේ ප්‍රදේශ කීපයක පැයක විදුලි කපා හැරීමක් සිදුවීම පිළිබඳව කළ විමසීමකදී ය.
“මේ වගේ අවස්ථාවක අප පොදු තත්වය සලකා බලා තමයි ප්‍රකාශයක් නිකුත් කරන්නේ. සාමාන්‍යයෙන් සතියේ දවස් හතෙන් අඩුම විදුලි පරිභෝජනය තියෙන්නේ ඉරිදා රාත්‍රියට. සතියේ සමස්ථ විදුලි පිරිභෝජනයෙන් සියයට 20ක් පමණ ඉරිදාට අඩු වෙනවා.“
“ ඒ වගේම එක් විදුලි ජනනයක් අද සවස පද්ධතියට එක් කරගන්න සියලු දේ සම්පාදනය වෙලා තිබුණත් සවස 4 පමණ වනවිට යළි එය අක්‍රීය වුනා. මේ තත්වය තුළ ඉතා සීමිත ප්‍රදේශයක විදුලි කප්පාදුවක් වෙන්න ඇති. හැබැයි රට පුරා වෙනදා තරම් තීව්‍රව මේ විදුලි කප්පාදු සිද්ධ වුනේ නෑ.“
ලබන බදාදාවන විට විදුලිය කප්පාදුවකින් තොරව ලබා දිය හැකි ද යන්න අඟහරුවාදා වනවිට ප්‍රකාශ කරන බව ද සමාන්‍යාධිකාරීවරයා කීවේය.