කඳුළු ගෑස් ගසා පලවා හළ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂකයන් යළිත් සිය විරෝධතාව ආරම්භ කර ඇත. මේ වනවිට පොලිස් සහ විශේෂ කාර්ය බලකායේ කැරළි මර්ධන ඒකකය විසින් මග වළක්වා ඇත.
අද දහවල් සෞනද්ර්ය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වූ උද්ඝෝෂණ පා ගමනට කොළඹ කොටුවේ ලෝක වෙළඳ සංකිර්ණය අසල දී කඳුළු ගෑස් ගසා විසුරුවා හරිනු ලැබුවේය.
මේ සමගම දැන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන්ට සහාය දැක්වීම සඳහා කොළඹ කාර්යාල සේවකයින් රැසක් එම ස්ථානයට පැමිණ සිටිති. ඔවුහු සිසුන් වටකොට රැකවරණ පවුරක් සේ සිටිනු පෙනේ. උද්ඝෝෂණය ආවරණය කිරිමට ජාත්‍යාන්තර මාධ්‍ය පැමිණ සිටිති.
මේ එම අවස්ථාවයි…
https://www.facebook.com/NewsfirstSL/videos/529630045422979
https://www.facebook.com/iusfsrilanka/videos/332276078994601