පාකිස්ථානයට එරට ගුවන් හමුදාව භාවිතා කරන ඇමරිකානු එෆ් 16 ප්‍රහාරක යානා සඳහා අවශ්‍ය උපකරණ විකිණීමට එක්සත් ජනපදය එකඟ වීම සම්බන්ධයෙන් ඉන්දීයාවේ දැඩි අවදානය යෙමුවී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය ඉකුත් බදාදා එෆ් 16 ප්‍රහාකර යානා ආශ්රිත උපකරණ පකිස්ථානයට ඇමරිකානු ඩොලර් මිලියන 450 ක ඇස්තමේන්තුගත පිරිවැයකට විකිණීම අනුමත කළේය.
ඒ අනුව එක්සත් ජනපදය විසින් මීට පෙර පාකිස්තානයට ආරක්ෂක ආධාර සැපයීම නතර කිරීමට ගත් තීරණය ආපසු හැරවීමට බයිඩන් පාලනය ආපසු හරවමින් මෙම තීරණය ගෙන තිබිණි.
මේ අතර ඔබ්සර්වර් පර්යේෂණ පදනමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන සුෂාන්ත් සරීන් විමසා සිටියේ ‟පාකිස්ථානයට එරට ගුවන් හමුදා ජෙට් යානා සඳහා ඔවුන්ට මුදල් තිබේ නම්, ගංවතුරෙන් විපතට පත් වූවන් වෙනුවෙන් පකිස්ථානය “අරමුදල් හිඟාකමින්” ලොව පුරා යන්නේ කොහොමද ? ඔවුන්ට ගුවන්යානා මිලදී ගැනීමට මුදල් තියෙනවා නම් ගංවතුරෙන් හානි සිදු වූ ජනතාවට අවශ්‍ය ආහාර සැපයීඹටත් ගංවතුරින් සිදුව තිබෙන හානිය නැවත ගොඩනැගීමට ඔවුන්ට මුදල් තිබිය යුතුය.” යනුවෙනි.
මේ අතර සරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද පවසා තිබිණි, “මගේ මතකයට එන දෙවන කරුණ නම් ත්‍රස්ත විරෝධී සහයෝගීතාවයේ කොටසක් ලෙස ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා මෙය පාකිස්තානයට ලබා දෙන බවට බයිඩන් පාලනය ලබා දී ඇති හාස්‍යජනක නිදහසට කරුණයි. මම ඇමරිකානුවන්ගෙන් මීට වඩා අමුතු, නිදහසට කරුණක් අසා නැත. දැන් පකිස්තානය ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රටක් බව ඇමරිකානුවන් නොදන්නේ නම්, එතරම් තවත් හාස්‍යජනක කතාවක් නැති තරම්ය.”
එක්සත් ජනපදයේ මෙම තීරණය සම්බන්ධයෙන් පාකිස්ථානය හිටපු ඉන්දීය මහ කොමසාරිස්වාරයාද සිය විමතය පළකර ඇති අතර තවත් පාර්ශව රැසක්ම මෙම තීරණය සම්බන්ධයේ ප්‍රශ්න කර ඇති බවටද වාර්තාවේ.







