-
පරීක්ෂණ යළි ආරම්භ කළා… සැකයක් ඇතිනම් වහාම සායනයට යොමුවන්න… වෛරසය ආසාදිත මුල් අවස්ථාවේ දී හඳුනා ගත්තොත් ඒඩ්ස් තත්ත්වයට යා නොදී මුලුමනින්ම පාලනය කළ හැකියි…
අනාරක්ෂිත ලිංගිකව හැසිරීම හේතුවෙන් අවුරුදු 18 – 19 වයස් කාණ්ඩවල දරුවන් වැඩි වශයෙන් එච්අයිවී ආසාදිතයින් බවට පත්වෙමින් තිබෙන බවත් මෙය ඉතා භයානක තත්ත්වක් බවත් එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කළාය
විෂය නිර්දේශ තුළ ලිංගික සෞඛ්‍ය සම්බන්ධයෙන් පාඩම් ඇතුළත් කර ඇති නමුත් දරුවන්ට ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබා නොදීම හේතුවෙන් මෙසේ දරුවන් ඒච්අයිවී ආසාදිතයින් බවට පත්වීමටය හේතු බව ද ඇය අ පෙන්වා දුන්නාය.
කෙසේ වෙතත් පරීක්ෂණ කට්ටල නොමැති වීම හේතුවෙන් නතර වී තිබූ එච්අයිවී ඒඩ්ස් පරීක්ෂණයන් නැවත ආරම්භ කර ඇතැයි දිවයින පුරා සායන 42ක් තුළ මෙම පරික්ෂණය සිදුකරන බව ඇය පැවසුවාය.
අනාරක්ෂිත ලිංගික හැසිරීම්වල යෙදෙන පුද්ගලයින් වහාම පරික්ෂාවන්ට යොමු වන්නැයි ද ඇය ඉල්ලීමක් කළාය.
එච්අයිවී වයිරසය ආසාදනය වූ පසුව ඉක්මනින්ම එය හඳුනා ගතහොත් ඒඩ්ස් තත්ත්වයට යාම මූළුමනින්ම මගහරවා ගත හැකි බවත් එවැනි වයිරස් ආසාදිතයෙකුට සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කර දරුවන් හැදීමේ හැකියාවක්ද තිබෙන බවත් වෛද්‍ය රසාංජලී පෙන්වාදේ.