කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් ශ්‍රී /කන්/ සෝමපුර මහා විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් වනඅලියන්ගේ බලවත් තර්ජනයට ලක්ව ඇති බව සිසුන්ගේ මව්පියෝ කියා සිටිති.
විශාල කුඹුර යායක් ආසන්නයේ පිහිටා ඇති පාසලට ගොයම් කපා අවසානයේ ගම්වාසින් අලි වැට ගලවාගෙන යන බවත් ඉන්පසුව වනඅලියන් පාසල් භුමියට පැමිණෙන බවත් සඳහන් වේ.
මෙලෙස පැමිණෙන අලියන් දහවල් කාලයේ ක්‍රීඩා පිටියේ රැඳී සිටින අවස්ථාද ඇති බවත් පාසලේ ගොඩනැගිලිවල බිත්ති පවා කඩා දමා ඇති බවත් කියා සිටියහ.
පාසලේ සිසුන් 250ක් අධ්‍යාපනය ලබන අතර ගුරුවරු 13 දෙනෙකු ෙ සේවය කරති. එසේම 2019 වසරේ සිට ගණිත හා විද්‍යා ගුරුවරුන් පාසලට නොමැති බවත් විදුහල්පතිවරයාගේ මූලිකත්වයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ මාර්ගයෙන් එම විෂයන් ආවරණය කරන බවත් මව්පියෝ තවදුරටත් කියා සිටිති.
වනඅලි තර්ජනය සම්බන්ධව බලධාරීන් නිහඬ පිලිවෙතක් අනුගමනය කරන බවද මව්පියෝ කියා සිටියහ