මාර්ග නීති නොතකා අධික වේගයෙන් ධාවනය කරමින් සිටි පානදුර – කුරුණෑගල බස්රථයක දොර අසල ගමන් කරමින් සිටිය දී බස් රථයෙන් එළියට ඇද වැටී තුවාල සිදුවුන හාපිටිගම් අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරියක් අද (14) සවස වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම බස් රථය හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයෙකුට අයත් එකකි. අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නීත්‍යානුකූලව කටයුතු කිරීමට උත්සාහ කරද්දී බස් රථය හිමිකාරිත්වය එහි පරීක්ෂණවලට බාධා පමුණුවමින් ඇති බව වාර්තා වී ඇත.
මෙහි දී දැනට වතුපිටිවල විශේෂ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින කථිකාචාර්යවරිය හමුවීමට ගිය බස් රථයේ රියදුරු ඇය ලබා පොලිසියට ලබා දුන් ප්‍රකාශය වෙනස් කරන ලෙසත්. නානකාමරයේ ඇදවැටීමෙන් මෙම අනතුර සිදු වූ ලෙස ප්‍රකාශ කරන ලෙසත් බලපෑම් කර තිබේ.
නිට්ටඹුව පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.