කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න වෙත විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් භාර දී තිබේ.
මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතුව අදාළ විශ්වාසභංග යෝජනාවභාර දුන්නේය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන ම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනඒමට තීරණය කළේය.
ව්‍යවස්ථා සභාව රැස්වී පොලිස්පතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේ දී කථානායකවරයා හැසිරුන ආකාරය ව්‍යවස්ථා විරෝධී බවත්, මාර්ගගත ආරක්ෂණ පනත සම්මත කර ගැනීමේ දී කථානායකවරයකු සතු කාර්යය ඔහු හිතාමතා මඟහැර තිබීම මෙම විශ්වාසභංගය රැගෙන ඒමට තුඩු දුන් ආසන්නම කරුණු දෙකය.
කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිගින් දිගට ම උල්ලංඝනය කරන බවත් ආණ්ඩුව ගෙන එන අණපනත් සම්මත කර ගැනීමේ දී කථානායකවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවත් විපක්ෂය පැවසුවේය.
මෙම විශ්වාස භංගය බාරදීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කර ඇත.