දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ඝාතනයට සම්බන්ධ ඉතිරි ශ්‍රි ලාංකිකයින් තුන් දෙනා වහාම ශ්‍රි ලංකාවට පිටත් කොට යැවීම පිණිස නියෝගයක් ඉල්ලා තමිල්නාඩු ප්‍රාන්ත රජය අධිකරණයට ඊයේ ( 4 ) පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකුට චෝදනා එල්ල වී ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් නියම වූ අතර සෝනියා ගාන්ධි හා ගාන්ධි පවුලේ තවත් කීප දෙනෙකු විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඔවුන්ට ජීවිත දානය ලබා දෙන ලෙස කරණ ලද ඉල්ලීමකට අනුව ඔවුන්ව එම නඩුවෙන් නිදහස් කරනු ලැබීය.
නමුත් ඔවුන්ගෙන් හතර දෙනෙකු තමිල්නාඩුවේ ට්‍රිචී ප්‍රදේශයේ විශේෂ කඳවුරක රඳවා ගෙන අනෙක් තුන් දෙනා නිවෙස් වලට යැවීමට තමිල්නාඩු බලධාරීන් පියවර ගෙන තිබුණි.
එසේ රදවා සිටි ශාන්තන් නැමති අයට සිය මව බැලීම සඳහා යාපනයට යාමට අවසර ලබා දීමට තමිල්නාඩු රජයට කාලයක් ගත වීම නිසා ඔහු හදිසියේම මිය ගියේය. ඉන් පසුව තමිල්නාඩු බලධාරීන්ට එම මරණය සම්බන්ධයෙන් විශාල චෝදනාවක් එල්ල වී තිබිණි.
අධිකරණයෙන් නිදහස් වූ ශාන්තන්ව යාපනයට එවීම කඩිනම් නොකිරීම නිසා එම චෝදනාව එල්ල වීමත් සමගම තවමත් ට්‍රිචී කදවුරේ රඳවා සිටින රජීව් ගාන්ධි ඝාතන නඩුවේ රොබට් පියර්ස්, ජයකුමාර් සහ මුරුගන් යන ඉතිරි ශ්‍රී ලාංකිකයින් තුන් දෙනා වහාම ශ්‍රී ලංකාවට යැවීමට අධිකරණ නියෝගයක් ඉල්ලා තමිල්නාඩු ප්‍රාන්ත රජය මෙම පෙත්සම ඉදිරිපත් කොට තිබේ.