බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතරගම දේවාලයේ ආදායම 8 ගුණයකින් වැඩි කරන්න මා කළේ ගනු දෙනු ජනතාවට දැනගන්න සැලැස්වීම පමණයි… කතරගම බස්නායක නිලමේවරයා මහරගම අපේක්ෂා රෝහලේ දි කියයි!

by editor
ජනවාරි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වූ පසු දේවාලයේ මිලියන 50ක් වූ වාර්ෂික ආදායම අට ගුණයකින් වැඩි වී මිලියන 400ක් වූයේ මුදල් ගෙදරින් ගෙනත් දමා නොව ගනුදෙනු විනිවිද භාවයකින් යුතුව ජනතාවට දැගන්නට සැලැස්වීමෙන් පමණක් බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න අද (02) ප්‍රකාශ කළේය.

දේවාල පෙරහර ඇතුළු අනෙකුත් වාර්ෂික විදයම් වෙනුවෙන් මිලියන 150ක පමණවන වියදම අයින් කළ විට වාර්ෂිකව මිලියන 250ක් ( කෝටි 25ක්) ඉතිරිවන බව කී ඔහු මහරගම ළමා වාට්ටුවට සහ ඇට මිදුළු සහ ජනන සෛල බද්ධ කිරීමේ නවීන පහසුකම් සහිත ශල්‍යාගාර ඒකකයට වියදම් කළේ එම මුදලින් කොටසක් බව පැවසුවේය.

බස්නායක නිලමේවරයා මේ බව කීවේ කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස රුහුණු මහා කතරගම දේවාලයේ පඬුරු මුදලින් මෙන්ම ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ සිව් මහල් ළමා වාට්ටු ගොඩනැගිල්ලේ අවසන් අදියර වූ ඇට මිදුලු සහ ජනන සෛල බද්ධ කිරීමේ නවීන පහසුකම් වලින් සමන්විත ඒකකය අද (02) දින සුභ මොහොතින් ජනතා අයිතියට පත් කළ අවස්ථාවේ දී ය.

‍එහිදී ඔහු මෙසේ ද සඳහන් කළේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

“මම කළේ එකම දෙයයි. දේවාලේ ගනුදෙනු මිනිස්සුන්ට දැනගන්න පුලුවන් වෙන්න හදපු එක. මම නිලමේ වෙනකොට දේවාලේ ආදායම තිබුණෙ මිලියන පනහක් විතර. ගිය අවුරුද්දේ මිලියන 400කට වැඩියි. අට ගුණකයකින් වැඩි වුනා.”

“මේකට මම ගෙදරින් සල්ලි ගෙනත් දේවාලයට පූජා කළා නෙමෙයි. තියන සල්ලි ටිකේ ගනුදෙනු පෙන්නුවා. එහි ප්‍රතිඵලයක් හැටියට අපට මේ ගොඩනැගිල්ල හදා ගන්න පුලුවන් වුනා.”

“ඒ එක්කම අපි කතරගම රෝහල අලුත් රෝහක් හැටියට අලුතින්ම ඉදි කරනවා. ඇඳන් 44ක වාට්ටු සංකීර්ණයක් මේ වනවිට ඉදි කරනවා. එහිත් වැඩ සියයට අසූවක් ඉවරයි.”

“දේවාලයේ ආදායම මිලියන 400ක් වුනොත් වියදමට යන්නේ පෙරහර කරන්නත් එක්කලා මිලියන 150යි. එතකොට තව 250ක් ඉතිරියි. එතකොට අවුරුද්දකට ඒ වගේ රෝහල් 05ක් හදන්න පුලුවන්. ”

“මේ ගොඩනැගිල්ල සඳහා අපි වියදම් කරලා තියනවා දේවාලයෙන් මිලියන 176ක්. දේවාල අරමුදලින් මිලියන 107ක් යොදවලා තියනවා. එතන පොඩි කියුබිකල් එකක් තියනවා මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් ආධාර දෙන බැතිමතුන්ට ආධාර දෙන්න. එතන මිලියන 76ක් එකතු වෙලා තියනවා. තව මිලියන 07ක් විතර අපේ ගිනුමේ ඉතිරි වෙලත් තියනවා ගොඩනැගිල්ල හදලා…” බස්නායක නිලමේවරයා කීවේය.

ළමා වාට්ටුව…

ලියුකේමියා රෝගයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් සිදුකරන ඇටමිදුළු බද්ධ සැත්කමට අවශ්‍ය තාක්ෂණය මෙතෙක් ලංකාවේ තිබුණේ නැත. එවැනි පිළිකා රෝගී දරුවෝ එම සැත්කම සඳහා ඉන්දියාව ඇතුළු විදේශ රටවලට ගියහ. ඒ වියදම දරාගත නොහැකි දරුවෝ අපේක්ෂා රෝහල තුළම අවසන් සුසුම් හෙලූහ.

අද සිට එම සැත්කම් සඳහා අවශ්‍ය තාක්ෂණය සහිත පහසුකම් කතරගම දේවාලයේ අනුග්‍රහයෙන් මහරගම පිළිකා රෝහලට ලැබෙන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෘතිම බුද්ධිය හා පෞද්ගලික දත්ත: අනාගත අභියෝග

Next Post

මාතර බන්ධනාගාර අනතුර – දෙවැනි රැඳවියාත් මිය යයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.