බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතරගම දෙවි හාමුදුරුවන් ඉස්සරහට දමාගෙන කතරගම දේවාලයෙන් තිස්සමහාරාම  සමූපකාර පිරවුම්හලට ලක්ෂ 10ක ඉන්ධන පොල්ලක් තියලා!

by editor
ඔක්තෝබර් 30, 2024
in පුවත්
katharagama
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රුහුණු මහා කතරගම  දේවාලය     තිස්සමහාරාම විවිධ සේවා සමුපාකාර සමිතියේ  ඉන්ධන පිරවුම්හලින්   රුපියල් නව ලක්ෂ, අසු නවදහස්, හාරසිය හෑත්තෑවයි ශත අනූ තුනක (9,89470.93යි) ඉන්ධන දැනට වසර කිහිපයක සිට  ණය පදනම මත වරින්වර  ලබාගෙන ඇතත් මේ වනතෙක් එම ණය මුදල ගෙවා නොමැති බැව් තිස්සමහාරාම විවිධ සේවා සමුපාකාර සමිතිය පවසයි.

රුහුණු මහා කතරගම දේවාලයේ  ඇසළ මහා මංගල්‍ය  විදුලි අලෝක කරණය, විදුලි ජනක යන්ත්‍ර හා  වාහන සඳහා මෙසේ ණයට    ඉන්ධන ලබාගෙන තිබුණි. 

ණය පදනම මත පෙට්‍රල්, ඩිසල්,  භුමිතෙල්,  යන ඉන්ධන වර්ග තිස්සමහාරම විවිධසේවා සමුපාකාර සමිතියේ ඉන්ධන පිරවුම්හලෙන් කතරගම මහා දේවාලයේ පාලන අධිකාරිය විසින් මෙසේ  මිලදී ගෙන ඇත.

රුහුණු මහා කතරගම දේවාලයේ  මිට පෙර පැවති පාලනය විසින්   රුපියල් හයලක්ෂ, පනස් හය දහස්, පන්සිය හතලිස් අටයි ශත හතලිස් තුනක් වටිනා (6,56548.43)   ඉන්ධන ණයට ගෙන තිබුණි. වත්මන් පාලනය විසින්ද  රුපියල් තුන් ලක්ෂ තිස්තුන් දහස්, එකසිය විසි දෙකයි ශත පනහක් (3,33122.50) විටිනා ඉන්ධන ණයට ගෙන තිබේ.   

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

රුහුණු මහා කතරගම දේවාලය විසින් ලබාගත් මෙම ඉන්ධන සඳහා අය විය යුතු මුදල් ගෙවන ලෙස තිස්සමහාරාම විවිධසේවා සමුපාකාර සමිතිය විසින් අවස්ථා කිහිපයකදි රුහුණු මහා කතරගම දේවාලයේ පාලනාධිකාරිය වෙත  ලිඛිතව දන්වා ඇතත් එම මුදල් ගෙවිම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බව තිස්සමහාරාම විවිධ සේවා සමුපාකාර සමිතිය පෙන්වදෙයි.

පසුගිය කාලයේ දේශපාලන බලපුළුවන්කාරකම් පෙන්වමින් කතරගම මහා දේවාල පාලන අධිකාරිය  කිසිදු ඇපයක් හෝ නොමැතිව  තිස්සමහාරාම විවිධ සේවා සමුපාකාර සමිතියේ ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන ලබාගෙන ඇති බවට අනාවරණය වි ඇත.

මේ පිළිබද තිස්සමහාරාම විවිධසේවා සමුපාකාර සමිතියේ සාමාන්‍යධිකාරි  කේ.එච්. සුනිල්ගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.

“ඉන්ධන මිලදි ගැනිම  වෙනුවෙන් සමුපාකාර සමිතියට අයවිය යුතු මුදල්  ලබාදෙන්න  කියලා රුහුණු මහා කතරගම දේවාලයෙන්  කිහිප අවස්ථාවකදිම  ලිඛිතව ඉල්ලිම් කළා.  මේ පිළිබද දේවාලයේ පාලනාධිකාරිය සමග  සාකච්ඡා කළා. පසුගිය පාලන කාලයේ ලබාගත් ඉන්ධන සඳහා වගකීම ගන්න බැහැ කියලා වත්මන් පාලනධිකාරිය කියනවා.  මේ  සඳහා මැදිහත් වෙන්න කියලා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්තුමාටත්  ලිඛිතව දැනුම් දිලා තියෙනවා”. යැයිද සමුපාකාර සමිතියේ සාමාන්‍යධිකාරිවරයා සදහන් කළේය.

රුහුණු මහා කතරගම දේවාලය  බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ  අධික්ෂණය යටතේ  පාලනය වන  ආයතනයකි.   රුහුණු මහා කතරගම දේවාලයේ සිදුවු අක්‍රමිකතා සම්බන්දයෙන්  බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් 2018 වර්ෂයේ මාර්තු මස 26 දිනැති  ලිපියක් මගින්   විගණකාධිපතිවරයාගෙන් කරණු ලැබු ඉල්ලිමකට අනුව විශේෂ  විගණනයක්ද  සිදුකරණු ලැබිය. එම විගණන වාර්තාව 2019 වර්ෂයේ දි ප්‍රකාශයට පත්කොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන පත් වෙයි!

Next Post

BMW ජොනීට ඇප ලැබෙයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.