කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයට ප්‍රභූ රථ පෙළකින් පැමිණ ඇත්තේ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු හමුදා ප්‍රධානීන් කිහිප දෙනකු බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන් අධිවේගී මාර්ගයේ පැමිණ කටුනායක ගුවන් හමුදා කඳවුරු ගේට්ටුවෙන් ඇතුළු වී එම කඳවුර තුළින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වන අතර පැමිණියේ කවර අරමුණකින් ද යන්න පැහැදලි නැත.
මේ පිළිබඳව අද පෙරවරුවේ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍යයද වාර්තා කළ අතර ඔවුන් තුළ වූ කුතුහළයක් වූයේ මෙම ප්‍රභූ රථ පෙළ කාගේද යන්නය.







