ලලිත් චාමින්ද –
පසුගිය දා හික්කඩුව නලාගස්දෙණිය කන්නන්ගරවත්ත ප්රදේශයේ දී කපා කොටා ඝාතනය කළ කටා රෝෂාන් නැමැත්තා ඝාතනය කිරිම සඳහා ඝාතකයින් පැමිණි වැන් රථය හික්කඩුව ප්රදේශයේ දි සොයාගත් බැව් හික්කඩුව පොලිසිය පවසයි. මෙම වෑන් රථය රත්ගම ප්රදේශයේ වාහන කුලියට දෙන ආයතනයකින් ලබාගෙන ඇති බැව් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
කටා රෝෂාන් නැමැත්තා ඝාතනය කිරිම සදහා මෙකි වැන් රථයෙන් පුද්ගලයින් 05 දෙනෙකු පැමිණ ඇති බවද පොලිසිය පවසයි. මෙම ඝාතනයට සම්බන්ද ඝාතකයින් ප්රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය මගින් මෙහෙයුමක් දියත්කොට ඇත.
මොහු මිතුරන් පිරිසක් සමග නලාගස්දෙණියවත්ත කන්නන්ගරවත්ත ප්රදේශයේ නිවසක මත්පැන් පානය කරමින් සිටියදී කළුපේ ප්රදේශයෙන් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් විය.
හික්කඩුව පොලිසිය පරික්ෂණ පවත්වයි.