දිනසේන රතුගමගේ –
බීමතින් පැමිණ යාපනය අධිකරණයේ නඩු කටයුතු වලට බාධා කළ පොලිස් නිලධාරියෙකු වහාම අත් අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයකට ලක්කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා ඊයේ (04) නියෝග කොට තිබේ.
එම වෛද්‍ය වාර්තාවට අනුව ඔහු අධික ලෙස බීමත්ව සිටි බව සනාථ වීම නිසා එම පොලිස් නිලධාරියාව මේ මස 12 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් යාපනය දිසාව බාර ජෙයෂ්ඨතම පොලිස් නිලධරියා වෙත යවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.
මෙම පොලිස් නිලධාරියා දැනට කොළඹ මාලිගාවත්ත පොලිසියට අනුයුක්තව සේවය කරන අතර ඔහු යාපනයේ තුන්නාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම නිලධාරියා යාපනයේ සේවය කළ කාලයේදී වූ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය අධිකරණයට සාක්කි දීම සදහ පැමිණ ඇත්තේ දැඩි ලෙස බීමත්වය.
ඔහු එහිදී යාපනය අධිකරණයේ නඩු කටයුතු වලට බාධාවක් වන ආකාරයට හැසිරීම නිසා ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.
යාපනයපොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.