දිනසේන රතුගමගේ –
මාර්තු මස 11 හා 12 යන දිනවලදී පැවැත්වීමට නියමිත කච්චතිව් ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට මෙවර ඉන්දීය බැතිමතුන් සහභාගී කර නොගැනීමට තීරණය කොට තිබේ.
කොරෝනා වසංගතය නිසා මෙම කච්චතීව් වාර්ෂික මංගල්ලයට සහභාගී වන ශ්‍රී ලංකාවේ බැතිමතුන් ප්‍රමාණයද සීමා කොට තිබේ.
යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති අතර මෙවර වාර්ෂික මංගල්ලය පූජාවන්ට පමණක් සීමා කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.









