පශු වෛද්‍යවරුන්ට හා පශු සම්පත් සංවර්ධන උපදේශකවරුන්ට මුහුණ දෙන ඖෂධ හා ඉන්ධන හිඟය හේතුවෙන් , ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව පුරා පැතිර ගිය සීත දේශගුණයෙන් අනතුරුව රෝගී වූ සතුන්ට ප්‍රතිකාර කිරීම අඩාල වී ඇතැයි පශු සම්පත් නිළධාරියෙකු ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට පවසා ඇත.
දෙසැම්බර් 14 වෙනිදා සිට සතුන් 1272ක් මිය ගොස් ඇති අතර සතුන් 420ක් රෝගාතුර වී තිබේ. මේ වන විට සතුන් 250කගේ ජීවිත බේරා ගැනීමට හැකි වුවත්, ප්‍රමාණවත් තරම් ඖෂධ තිබේ නම් තවත් රෝගී සතුන් වැඩි සංඛ්‍යාවකගේ ජීවිත බේරා ගත ැහැකි යැයි සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උතුරු පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය එස් වසීහරන් පැවසීය.
“ඖෂධ මිල අධිකයි වගේම තොග ස්වල්පයයි තියෙන්නේ.. ඇතැම් සත්ත්ව හිමියන් එම ඖෂධ මිල දී ගෙන සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා අප වෙත අරගෙන එනවා…” ඔහු සඳහන් කරයි.
සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා සීතල වාතය රැගෙන යද්දී උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 දක්වා පහත වැටී තිබුණි.
දෙසැම්බර් 14 වනදා වන විට දිවා කාලයේ උෂ්ණත්වය අංශක 28 දක්වාත් රාත්‍රී 25 දක්වාත් පැවති බව වසීහරන්පැවසීය.







