ඖෂධ හිඟයක් ඇතිකිරීමට ඉඩ හැර හදිසි මිලදී ගැනීම්වලට යොමුවීමට කටයුතු කිරීම හේතුවෙන් බරපතල වංචා රැසක් සිදුවෙමින් පවතින බව ද රජයේ විගණන වාර්තාව උපුටා දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. .
හදිසි මිලදී ගැනීම් නිසා රුපියල් 100 ඖෂධ පෙත්තක් රුපියල් 1000ක මුදලකට මිලදී ගැනීම් බඳු ගනු දෙනු විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව රජයේ විගණන වාර්තා ගෙන හැර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පෙන්වා දෙයි.
මෙසේ හදිසි මිලදී ගැනීම් සිදුකිරීමට පසුබිම සැකසෙන්නේ ඖෂධ මිලදී ගැනීම් වෙනුවෙන් වසරකට වැයවන රුපියල් බිලියන 80ක මුදල මේ වසර තුළ අඩුකිරිම හේතුවෙන් බව ඔහු පවසයි.
විගණන වාර්තාව අනුව මේ වසරේ පළමු කාර්තුව වෙනුවෙන් රුපියල් බිලියන 20ක මුදලක් වැය කළ යුතු වුවද වැය කර ඇත්තේ රුපියල් බිලියන 12ක මුදලක් පමණි.
ඒ මත සිදුවන හදිසි මිලදී ගැනීම්වල අක්‍රමිකතා නිසා රෝහල්වල මේ වන විට ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟයක් පවතින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
රෝහල් සඳහා ඖෂධවර්ග 1146 අවශ්‍ය වුවද ඉන් ඖෂධ වර්ග 311ක උග්‍ර හිගයක් මේ වන විට රෝහල් තුළ පවතින අතර එසේ හිඟව පවතින ඖෂධ අතර ප්‍රතිජීවක වේදනා නාශක නිර්වින්දන ඇතුළු ඖෂධ වර්ග ඇතුළත් වන බවද විගණන වාර්තාව පෙන්වා දී ඇතැයි වෛද්‍ය අලුත්ගේ කියයි.
තවද ශල්‍ය ද්‍රව්‍ය 8648න් 5000ට ආසන්න ප්‍රමාණයක් නොමැති බවත් රසායනාගාර ද්‍රව්‍ය 3900 න් 850ක හිඟයක් හා එක්ස් කිරණ අයිතම 33න් 19ක් හිඟව පවතින බව විගණන වාර්තාවන් පෙන්වාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි