ලලිත් චාමින්ද –
ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ සන්නාම නාම යටතේ ලියාපදිංචි නොවු නිෂ්පාදන ආයතන 31ක් විසින් 2019 වර්ෂයේ ජනවාරි මස සිට 2021 ජුනි දක්වා කාලය තුල ඇමරිකානු ඩොලර් 9,22,05,253.54ක් (නවකෝටි විසිදෙලක්ෂ පන්දහස්දෙසියපනස් තුනයි ශත පනස් හතරක්) වු ටින් මාළු බහාලුම් 43,95,416ක් ( හතලිස් තුන් ලක්ෂ අනූ පන් දහස් හාරසිය දාසයක්) ගෙන්වනු ලැබුවද එම ටින් මාළු සඳහා විස්තරාත්මක නියැදි පරික්ෂාවක් සිදුකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම කාලය තුළ නිෂ්පාදන ආයතන 36ක් විසින් අවස්ථා 1522ක දී සන්නම් නාම 48ක් යටතේ ටින්මාළු ගෙන්වා තිබුණි.
එහෙත් නිෂ්පාදකයින් 05 දෙනෙකු පමණක් ප්‍රමිති ආයතනයේ සන්නම් නාම 20ක් යටතේ ලියාපදිංචි වි තිබු බවද විගණන කාර්යාලය පෙන්වා දෙයි.
එමෙන්ම මෙම කාලය තුළ භාණ්ඩ ආනයන ආයතන 89ක් විසින් අවස්ථා 1014 කදී දුඹුරු සීනි ගෙන්වා තිබු අතර ඉන් කිසිදු නිෂ්පාදකයෙකු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුකුලතා සහතික ලබාගෙන නොතිබුණි. එමෙන්ම විස්තරාත්මක නියැදි පරික්ෂාවක් සිදුකර තිබුණේ අවස්ථා 51 දි පමණි. එසේ ඇමරිකානු ඩොලර් 23,91,388.95ක් ( විසි තුන් ලක්ෂ අනූ එක් දහස් තුන්සිය අසූ අටයි ශත අනූ පහක්) වටිනා මෙට්‍රික් ටොන් 6323.3ක් වු දුඹුරු සිනි නියැදි පරික්ෂාවකින් තොරව නිදහස් කොට තිබු බවද විගණන කාර්යාලය පවසයි.
ආනයනික භාණ්ඩ වෙළදපොළට නිකුත් කරණු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය මතය. එහෙත් ප්‍රමිති ආයතනයේ පරික්ෂණ වාර්තා ලැබෙනතෙක් ආනයනික භාණ්ඩ වෙළද පොළට නිකුත් නොවන බවට තහවුරු කරගැනීම අධික්ෂණය කිරිමට සුදුසු මාර්ගෝපදේශයක් හා ක්‍රමවේදයක් ප්‍රමිති ආයතනය සතුව නොතිබුණ බවද විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.