ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතුළු රජය සතු ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට රජය සලකා බලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ද ඉකොනොමිස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙම ප්‍රතිසංස්කරණවල දී තමන් වෘත්තීය සමිති සම්බන්ධව කරදර නොවන බවය. තීන්දු ගන්නේ ජනතාවට අවශ්‍ය දේ ඉටුකිරීමේ අභිමතාර්ථයෙන් බවය.
ජනාධිපතිවරයා ඉකොනොමිස්ට් වෙත පවසන්නේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කළ හැකි බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බවත්ය.
ශ්‍රී ලංකාව ආයෝජන විවෘත කරන බව ප්‍රකාශ කළ ඔහු, කෙසේ වෙතත්, සමහර ආයතන වසර 40කට වැඩි කාලයක් ක්‍රියාත්මක වන බැවින් සහනලාභීන් සියලු දෙනා සමඟ සාකච්ඡා කළ යුතු බව කීවේය.
රජය සතු ඇතැම් ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති සතුරුකම් කිරීම පිළිබඳව කළ විමසීමකදී ජනාධිපතිවරයා කියා සිටියේ “මම වෘත්තීය සමිති ගැන කරදර වෙන්නේ නැහැ, වැදගත් වන්නේ ජනතාවයි” යනුවෙනි.
තත්ත්වය යහපත් අතට හැරිය හැකි යැයි ජනතාව සිතන්නේ නම් එම තීරණය පිළිගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.