විශේෂඥ කණ්ඩායමක මැදිහත්වීමෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ මැකී ගිය දත්ත යළි ලබා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි.
මෙතෙක් එම පද්ධතිය භාරව ක්‍රියාකළ සමාගම මෙම ප්‍රතිස්ථාපන කටයුත්ත නිමා කර සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් වන තුරු ඉවත් නොකරන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.
අදාළ පද්ධතියේ සෙසු කටයුතු මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ පසුගිය 29 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.







