අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ අධිකාරියේ ලොක්කා වැරදි පාරෙන් යයි ! ලියාපදිංචි නැති බෙහෙත්  275ක් ගෙන්වීමට අනුමැතිය දෙයි !

by Lanka Sara Editor
ජනවාරි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 275ක් පමණ ගුණාත්මකභාවය හෝ ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂාවකින් හෝ ලියාපදිංචියකින් තොරව  මෙරට රජයේ රෝහල්වලට භාවිතා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියා විසින්  සිය අනුමැතිය ලබා දී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ප්‍රධානම පෙළේ විශේෂඥ වෛද්‍ය සංගම් හතරක් අනාවරණය කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් ක්‍රියාවලියට සම්බන්ධ වන නියෝජනයක් සහිත මෙම  වෛද්‍ය සංගම් පවසන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියාගේ මෙම තීරණය හේතුවෙන් ගුණාත්මකභාවයෙන් හා ආරක්ෂිත බවින් තොර මෙම ඖෂධ රජයේ රෝහල්වලට හා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඔසුසල්වලට පැමිණීමේ ඉඩක් නිර්මාණය වී ඇති බවයි.

ශ්‍රී ලංකා කායික විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය, ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය, ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සාමාන්‍යෙයන් රට තුළට ඖෂධ ගෙන්වීමේ ක්‍රියා පටිපාටියට බැහැරව රට තුළ පවතින විදේශ විනිමය හිගයට සහ ඖෂධ හිගයට මුවා වෙමින් අත්‍යවශ්‍ය නොවන ඖෂධ පවා මෙලෙස ගෙන්වීම සම්බන්ධයෙන් තමන්ගේ දැඩි කණස්සල්ල පළ කරන බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සාමාන්‍යයෙන් ඖෂධ මෙරටට ගෙන්වීමේදී එය ලියාපදිංචි කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ ඖෂධය පිළිබඳව එහි ඇගයීම් කමිටුව මඟින් ඇගයීමක් සිදු කෙරේ. කෙසේ වුව ද, අවසාන වරට රැස් වූ, ඖෂධ තාක්ෂණික කමිටුව වෙත සෞඛ්‍ය අමාත්‍යංශය මඟින්, ඖෂධ 330කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කළ ද, ඒවා ඇගයීමට හෝ ලියාපදිංචි කිරීමට මෙතෙක්, එම කමිටුව ක්‍රියා කර නැත.

පවතින දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ ඉන්දීය ණය සහන යෝජනා ක්‍රමය යටතේ ගෙන්වීමට පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබූ අතර එහිදී ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ ජනාධිපතිවරයා පවසා තිබුණේ මෙම ඖෂධ ඉන්දීය ණය සහන යෝජනා ක්‍රමය යටතේ, රටේ ඖෂධ ගෙන්වීමේ පිළිගත් ක්‍රමවේදයට යටත්ව ගෙන්වීමට පියවර ගන්නා ලෙසය.

එසේ තිබියදී සෞඛ්‍ය අමාත්‍යවරයා හා අමාත්‍යංශ නිළධාරින් ඉන්දීය සමාගම් දෙකකින් පමණක් මෙරට ලියාපදිංචි නොකළ හා ආරක්ෂාව තහවුරු නොකළ ඖෂධ 300කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමෙන් තොරව ගෙන්වීම සඳහා අවසර ඉල්ලා තිබුණි. මේ සම්බන්ධයෙන් විරෝධය පළ කළ ඉහත වෛද්‍ය සංගම්, ජනාධිපතිවරයාට ද ලිපියක් යොමු කරමින්, රටේ සෞඛ්‍ය කෙරෙහි පවතින විශ්වාසය බිඳ හෙලන, එම පියවර වළක්වන ලෙස ඉල්ලා තිබුණි.

එම වෛද්‍ය සංගම්, යළිත් වරක් අවධාරණය කර සිටින්නේ, පවතින තත්ත්වය තුළ ජනාධිපතිවරයා මැදිහත් වී, එම අසාධාරණ ක්‍රියාවලිය නවතන ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයට අලුත් විශ්වාසයක් කැන්දන ජී විස්සේ “භාරත නායකත්වය“

Next Post

ආරක්ෂිත ඇදුම් ගබඩාවක ගින්නක් – ලක්ෂ 250 ක පමණ විනාශයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.