බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ලෝකයට අලුත් විශ්වාසයක් කැන්දන ජී විස්සේ “භාරත නායකත්වය“

by Lanka Sara Editor
ජනවාරි 31, 2023
in දේශපාලන, සමාජ
Indian Prime Minister Narendra Modi waits for the arrival of Egyptian President Abdel Fattah El-Sisi at Hyderabad house, in New Delhi, India, Wednesday, Jan. 25, 2023. Days after India blocked a BBC documentary that examines Modi’s role during 2002 anti-Muslim riots and banned people from sharing it online, authorities are scrambling to halt screenings of the film in colleges and universities and restricting its clips on social media, a move that has been decried by critics as an assault on press freedom. (AP Photo/Manish Swarup)

Indian Prime Minister Narendra Modi waits for the arrival of Egyptian President Abdel Fattah El-Sisi at Hyderabad house, in New Delhi, India, Wednesday, Jan. 25, 2023. Days after India blocked a BBC documentary that examines Modi’s role during 2002 anti-Muslim riots and banned people from sharing it online, authorities are scrambling to halt screenings of the film in colleges and universities and restricting its clips on social media, a move that has been decried by critics as an assault on press freedom. (AP Photo/Manish Swarup)

Share on FacebookShare on Twitter

 

දේශගුණික විපර්යාස, ගැටුම් සහ කොවිඩ්-19 වැනි ගෝලීය ව කනස්සල්ලට හේතු වන රැසක් ලෝකය හමුවේ පවතින බැවින්, අද වන විට ගෝලීය බලවතුන් අතර සහයෝගීතාව නොවැළැක්විය හැකි අවශ්‍යතාවක් බවට පත්ව ඇත. 2022 නොවැම්බ=රයේ ඉන්දුනීසියාවේ පැවැති සමුළුවෙන් අනතුරුව, ඉන්දියාවට ඉන්දුනීසියාවෙන් G20 බලගතු රාජ්‍ය සංවිධානයේ සභාපති ධුරය හිමිවූයේ මෙවැනි භූ දේශපාලන වාතාවරණයක් තුළය. G20 සංවිධානය ලෝකයේ විශාලතම ආර්ථිකයන් 20 සඳහා පොදු ආර්ථික සංසදයක් ලෙස 1999 දී ආරම්භ කෙරුණද, එයට දැන් ගෝලීය සහ භූ දේශපාලනික ගැටලූ රාශියක් ආවරණය කිරීමට සිදුව ඇත. ඉන්දියාව G20 සංවිධානයේ සභාපති ධුරය භාරගන්නා විට, ලෝක සාමය සහ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරන ලෙසත්, G20හි නියෝජනය නොවන ගෝලීය දකුණේ රටවල් වෙනුවෙන් හඬක් නගන ලෙසත් බොහෝ පාර්ශව වෙති ඉල්ලිමි ඉදිරිපත් විය. ඒ ඉන්දියාව සතුව, මෙතෙක් එම තනතුර දරන ලද ලෝක බලවතුන් සතුව නොතිබුණු විශාල හැකියාවක් පවතින බවට වන විශ්වාසය හේතුවෙනි. මෙම අපේක්ෂා පරාසය අනුව, ඉන්දියාවවට, අනිවාර්යයෙන්ම රුසියානු-යුක්රේන යුද්ධය, දේශගුණික විපර්යාස සහ පශ්චාත් වසංගත ප්‍රකෘතිය වැනි වර්තමාන අභියෝග පිළිබඳ ලෝක සම්මුතියක් ගොඩනැගීමේ දැවැන්ත වගකීම පැවරී තිබේ. එසේම, එක්සත් ජාතින් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය, නැත්නම් ලෝ=ක බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතන කෙරෙහි විශ්වාසය නැතිවීම සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම් තහවුරු කිරීම වැනි අනාගත අභියෝග රැසක් සඳහා ද නායකත්වය සැපයීමට ඉන්දියාවට සිදුව ඇත.

ඉන්දියාව G20 සංවිධානයේ සභාපතිත්වය භාර ගැනීම ආකාර කිහිපයකින් වැදගත් වේ. පළමුව, සංවර්ධනය වෙමින් පවතින රටවල් G20 හි සභාපතිත්වය දරා ඇත්තේ හතර වතාවක් පමණකි. ඒ, 2012 දී මෙක්සිකෝව, 2016 දී චීනය, 2018 දී ආර්ජන්ටිනාව සහ මෑතක 2022 දී ඉන්දුනීසියාව වශයෙනි. දෙවනුව, ලොව බලවත්ම ආර්ථිකයන් අතර 05වැනි තැනට පැමිණ ඇති ඉන්දියාවට, අනෙක් බහුතරයක් බලවතුන් සම්බන්ධීකරණය කිරීමේ හැකියාව පවතී. තෙවනුව, මෙම වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත G20 සමුළුව, 1983 දී පැවැත්වූ නොබැඳි ජාතීන්ගේ සමුළුවෙන් පසු රට තුළ පවත්වනු ලබන වඩාත්ම කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික උත්සවය බවටද පත්වීමට නියමිතය.

බෙදුණු ලෝකයක හිඩැස් පිරවීම සහ එකිනෙකා අතර සම්මුතියක් ඇතිකරගැනීම  පහසු නැත. දේශගුණික විපර්යාස, රුසියාව-යුක්රේන ගැටුම සහ කොවිඩ්-19 නිසා ඇති වූ විශාල බාධා කිරීම් හමුවේ ධනවත් රටවල්ද ඇතුළුව ලොව පුරා වාර්තාගත උද්ධමන මට්ටම්, ආහාර සහ ඉන්ධන හිඟය, වෙළඳ සීමා කිරීම් සහ සම්බාධක නිර්මාණය වී අර්බුද සහ අභියෝගය වඩාත් සංකීර්ණ වී තිබේ. කෙසේ වෙතත් G20 නායකයා ලෙස, මෙම අභියෝගවලට මුහුණදීමේදී  සම මට්ටමේ බලවතුන්ට සාපේක්ෂව ඉන්දියාවට අමතර වාසියක් පවතී. එනම්, ලෝකයේ සෑම පැතිකඩක්ම නියෝජනය කරනු ලබන චතුරස්රාකාර ආරක්ෂක සංවාදය(Quad), IBSA හෙවත් ඉන්දියාව,බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාවේ සහයෝගිතාව මෙන්ම ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) වැනි බොහෝ තීරණාත්මක කණ්ඩායම්වල ඉහළ සාමාජිකත්වය දැරීම සහ ඒවායේ අභියෝග සහ විසඳුම් නියෝජනය කිරීමයි. ඒ අනුව මෙම සියලු නියෝජනයන් G20 සභාපතිත්වය තුළ ඵලදායී ලෙස භාවිත කිරීමට ඉන්දියාවට හැකියාව ලැබී ඇත.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

පෙරකී ලෙස, G20 සභාපතිත්වය සමඟින්, ඉන්දියාවට සිය අද්විතීය හැකියාවන් වඩාත්ම හදිසි වත්මන් ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා තම උපායමාර්ගික රාජ්‍යතාන්ත්‍රිකභාවය සමග භාවිත කළ හැකිය. නිදසුනක් ලෙස රුසියානු-යුක්රේන යුද්ධය ගත්විට, ඒ සම්බන්ධයෙන් ඉන්දියාව මුලදී නිෂ්ක්‍රීය ආස්ථානයක් පවත්වාගෙන ගියේය. එහෙත් වර්තමානය වන විට, ඉන්දියාව නිහඬ, තිරයෙන් පිටුපස භූමිකාවක් භාර ගනිමින් එහි ආස්ථානය සෙමෙන් වෙනස් කරමින් සිටී. මෑතකදී ඉන්දියාව විසින් යුක්රේනයට ගමන් කරන ධාන්‍ය නැව් අවහිර කිරීම නතරකිරීම වෙනුවෙන් රුසියාව සමඟ සාකච්ඡා කළා පමණක් නොව, රුසියාව විසින් Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ ගැටලුවේදී ද මැදිහත් විය. එවැනි සාධනීය මැදිහත්වීම් හේතුවෙන්, දෙරට අතර සාමය ඇති කිරීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ඉන්දියාව මැදිහත්කරුවකු වශයෙන් පත්කළ යුතු බවට ලෝක ප්‍රජාවට යෝජනාවක් පවා ඉදිරිපත් කර තිබේ. එක්සත් ජනපදය පවා නොනිල මට්ටමින් සිය ‘නිව්යෝර්ක් ටයිම්ස්’ වැනි ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හරහා එම යෝජනාව තහවුරු කර ඇත. වඩාත්ම වැදගත් වන්නේ, ‘දැන් යුද්ධයට කාලය නොවේ’ යැයි පවසමින්, ජනාධිපති පුටින්ට ප්‍රසිද්ධියේ අප්‍රසාදය පලකළ ලෝක නායකයන් අතළොස්ස අතර ඉන්දීය අගමැති මෝදි ඉදිරියෙන්ම පසුවීමයි. ඒ ඉන්දීය-රුසියානු මිත්‍රත්වය මධ්‍යයේය. යුද්ධය හමුවේ මෙම ඉන්දීය මැදිහත්වීම, ගෝලීය උද්ධමනය සහ ආහාර සහ ඉන්ධන සැපයුම කෙරෙහි ධනාත්මක බලපෑමක් එල්ලකරනු ඇති බවට මේ වන විට සාධනීය අපේක්ෂාවන් ලොව පුරා පාර්ශ්ව රැසකින්ම පළවී ඇත.

ඒ හා සමානව, G20 සභාපතිවරයා ලෙස ඉන්දියාව, ‘පැරිස් දේශගුණික ඉලක්ක’ සපුරා ගැනීමේදී සිය අත්දැකීම් සහ අධිෂ්ඨානය බෙදාගැනීමට එකඟතාව පළකර තිබේ. 2030 වන විට සිය ජාතික විදුලි ධාරිතාවයෙන් සියයට 50ක් පුනර්ජනනීය බලශක්ති සම්පත් වලින් ලැබෙන බව සහතික කිරීම ඉන්දියාව ඉලක්ක කර ඇත. එය අන් ලෝකයට අනුකරණය කිරීමට පෙළඹවිය හැකි පැහැදිලි මිණුම් ලකුණකි. ඒ වෙනුවෙන් ඉන්දියාව ආරම්භ කර ඇති ‘අන්තර්ජාතික සූර්ය සන්ධානයට'(International Solar Alliance) මේ වන විටත් රටවල් 122ක සහාය ලැබී තිබීම විශාල් සුබ ලකුණකි. මෙම වැඩසටහන සඳහා ලෝක බැංකුව සහ අනෙකුත් මූල්‍ය ආයතන හරහා 2030 වන විට ඩොලර් ට්‍රිලියන 01 කට වැඩි ආයෝජන රැස්කිරීමට ඉන්දියාව යෝජනා කර ඇත. G20 සභාපතිවය යනු, ඉන්දියාවේ මෙම ‘දේශගුණික ඉලක්ක’ සපුරාගැනීමේ ලෝක මාවත එළිපෙහෙළි කළහැකි ශක්තිමත් යාන්ත්‍රණයකි.

පෙරකී ලෙස, වඩ වඩාත් ධ්‍රැවීකරණය වූ ලෝකයක, පෞද්ගලික අදහස්වලට පිළිගැනීමක් ලබාදීම, සම්මතයන් සැකසීම සහ පොදු පදනම සොයා ගැනීම පහසු නැත. එසේ වුවද, අතීතයේ පැවති නොබැඳි පිළිවෙත, වත්මන් සාමුහික උපායමාර්ග වෙනුවෙන් වන කැපවීම සහ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්ති විසින් ලෝකයට මැදිහත් වීමට, එකිනෙකා සමග සාකච්ඡා කිරීමට සහ පාර්ශවිය ලෝකය මධ්‍යස්ථ කිරීමට ඉන්දියාවට අවස්ථාව උදාවී ඇත. ඉන්දියාවේ මෙම හැකියාව, මේ වන විටත්, රටවල් අතර සම්මුතියක් නිර්මාණය කරලීමට පමණක් නොව, කැනඩාව සහ ඉන්දුනීසියාව වැනි එකිනෙකාට හාත්පසින්ම වෙනස් රටවල් අතර ඒකමිතියක් නිර්මාණය කරලීමට පවා සමත්කම් දක්වා ඇති බව දැකගත හැකිය. අනෙක් අතට චීනය සමග පවතින සිය තුනී සබඳතා ශක්තිමත් කරගැනීමටත්, පවතින පරිසාධානයන්ට අනුව චීනය බාහිර ලෝකය සමග යාකිරිමටත්, ඉන්දියාවට මෙම G20 නායකත්වය උපයෝගී කරගත හැකිවනු ඇති බවට වන අපේක්ෂා යථාර්තයක් බවට පත්කිරීමටත් දැන් ඉන්දියාවට අවස්ථාව උදාවී තිබේ. ඒ අනුව, G20 සභාපතිත්වය සමගින් ඉදිරි වසරක කාලය ඇතුලත, දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකභාවය උපයෝගී කරගනිමින් ලෝකය වඩාත් යහපත් ස්ථානයක් බවට පත්කිරීම වෙනුවෙන් ඉන්දියාව සිය ධාරිතාව උපරිමයෙන් භාවිත කරනු ඇතැයි, සමස්ත ලෝකයම දෑස් දල්වාගෙන සිටින බව පැවසීම අසත්‍යයක් නොවේ.

Share69Tweet43
Previous Post

මෛත්‍රිපාල සිරිසේන යළිත් ජනපති වෙන්න හදයි !

Next Post

ඖෂධ අධිකාරියේ ලොක්කා වැරදි පාරෙන් යයි ! ලියාපදිංචි නැති බෙහෙත්  275ක් ගෙන්වීමට අනුමැතිය දෙයි !

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.