බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕනෑම අසීරු අවස්ථාවක දී ශ්‍රී ලංකාවට අත් වැලක් වෙන්නට චීනය ඉන්නවා… චීන තනාපති කියයි!

by editor
ජනවාරි 26, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

දිට්වා සුළි කුණාටුවෙන් අඩාල වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා චීනය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් (Qi-Zhenhong) පවසයි.

ශ්‍රී ලංකාව අසීරුතාවට පත්වූ සෑම අවස්ථාවකම චීනය ඉදිරිපත් වූ බවත් අතීතයේ, වර්තමානයේ මෙන්ම ආනගතයේදී ද එම බැඳීම එලෙසම පවතින බවත් ඔහු  අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව හා චීනය අතර පවත්නා දීර්ඝ කාලීන මිත්‍රත්වය සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අනුග්‍රහය මත ගැබිණි මව්වරු 108 දෙනෙකුට වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ බෙදාදීම නිමිත්තෙන් අකුරණ දීගල මානාගල විහාරස්ථානයේ පැවැති උත්සවයේදී  ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් (Qi-Zhenhong) මේ බව පැවසුවේය.

මානාගල විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පරණගම ඥාණවිමල නාහිමියන් චීන තානාපතිවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් චීන තානාපති කාර්යාලය මගින් මේ සඳහා රුපියල් ලක්ෂ 12 ක මුදලක් ලබාදී තිබිණි.

දරු ප්‍රසූතියට සූදානමින් සිටින දිවයිනේ විවිධ ප්‍රදේශ වල පදිංචි  සිංහල, දෙමළ හා මුස්ලිම් මව්වරු 108 දෙනෙකු විහාරස්ථානයට කැඳවා ආශිර්වාදාත්මක හා දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීමෙන් පසු චීන තානාපති කී සෙන්හොංග් (Qi-Zhenhong) ගේ සහ එම මහත්මියගේ මූලිකත්වයෙන් වියළි ආහාර ද්‍රව්‍ය හා දරු ප්‍රසූතියෙන් පසු මව්වරුන්ට අවශ්‍යය කරන බේසම්, මදුරු දැල් ආදි උපකරණ බෙදාදීම සිදු කෙරුණි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මානාගල විහාරස්ථානයේ ස්ථාපති ශ්‍රී ලංකා චීන බෞද්ධ සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය නැරඹීමටද චීන තානාපතිවරයා ඇතුළු පිරිස ගියේය.

මානාගල විහාරස්ථාන පරිශ්‍රයේ මීටර් 88 ක උසකින් යුත් සමාධි බුද්ධ ප්‍රතිමාවක් සහ මීටර් 18 ක උසකින් යුත් බෝසත් පිළිරුවක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා චීනය නිරන්තරයෙන් සහය ලබාදෙන බව ද  තානාපතිවරයා  ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට දුනුවිල රජමහා විහාරාධිපති අඹන්පොළ ඥානිස්සර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද අකුරණ ප්‍රාදේශීය ලේකම් රුවන්ධිකා හෙන්නායක  ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද උදේ හැටන්වලදී මාරක අනතුරක් වළක්වාගෙන ජීවිත 80ක් බේරා ගත් සැබෑ රියදුරා….

Next Post

දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූවන් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට අවස්ථාවක්!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.