සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕක්ලන්ඩ් ප්‍රහාරයත් සමඟ ඉස්ලාම් සංවිධාන 22කට ඥානසාර හිමිගෙන් අභියෝගයක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නවසීලන්ත ප්‍රහාරය හෙලාදකිමින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ මෙරට මුස්ලිම් සංවිධාන 22ට හැකිනම්, “වහබ්වාදය සහ සලෆිවාදය ප්‍රතික්ෂේප කරනවා” යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරන ලෙසට බොදු බල සේනා සංවිධානය අභියෝග කර සිටී.

එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පෙන්වා දෙන්නේ ආගමික ත්‍රස්තවාදියා ක්‍රියාත්මක වීමට පෙර විවිධ ස්වරුපයෙන් සිට ක්‍රියාත්මක වීම නිසා ප්‍රහාරයට කලින් හඳුනාගැනීම, සමස්ත ලෝකයම මුහුණපාන ගැටළුවක් බවට දැන් පත්ව ඇති බවයි.

ආගමික මුලධර්මයකින් ගොඩනැගෙන ත්‍රස්තවාදය සඳහා මෙහෙයවීමක් අවශ්‍ය නොවන බැවින් ප්‍රහාරයට පෙර අන්තවාදී නතර කිරීමට වහා පියවර ගත යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති.

පාස්කු ප්‍රහාරයෙන් පාඩමක් නූගත් අප ප්‍රහාරය ඔස්සේ හෝ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2021 සැප්තැම්බර් 04
මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලාංකික ඉස්ලාමීය රාජ්‍ය (IS) අන්තවාදියෙකු විසින් නවසීලන්තයේදී එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය.

මීට වසර 10 කට පමණ ඉහතදී ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් නවසීලන්තයේ වාසය කරමින් සිටි මුස්ලිම් ජාතිකයෙකු විසින් ඊයේ (2) දින පිහියක් යොදාගෙන අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ඉස්ලාම් ආගමේ නාමයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

වසර ගණනාවක සිට බොදු බල සේනා සංවිධානය පෙන්වා දුන් අනතුරු යථාර්තයක් බවට පත්කරමින් ආගමේ නාමයෙන් 2019 අප්‍රේල් 21 දින එල්ලවූ මෙවැනිම ම්ලේච්ඡ ප්‍රහාරයක අද්දැකීම අපේ රටට ද ඇත. එයින් පාඩමක් ජාතියක් ලෙස ඉගෙන ගත්තා ද යන ප්‍රශ්නය අද වන විට අප හමුවේ මතුව ඇත. ආගමේ නාමයෙන් සහරාන් ඇතුළු කල්ලිය එල්ල කල පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කර එහෙට මෙහෙට දෝලනය කිරීම තුලින් සිදුවන්නේ අපේ රට තවදුරටත් අනතුරේ හෙළීමකි.

“පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ජවනිකාව” කරලියට ගෙන දේශපාලන වාසි ගන්නට උත්සහ කරන්නන්ට ඕක්ලන්ඩ් නගරයේ ප්‍රහාරකයාගේ මහ මොලකරු සෙවිය හැකිද? සත්‍යවශයෙන්ම නොහැකිය. ඒ වෙන කාරණයක් නිසා නොව ආගමික මුලධර්මයකින් ගොඩනැගෙන ත්‍රස්තවාදය සඳහා මෙහෙයවීමක් අවශ්‍ය නොවන බැවිනි. ආගමික ඉගැන්වීමකින් ඔලුව අවුල් කරගන්නා ලබ්ධිකයෙක්ට ඕනෑම අවස්ථාවක ත්‍රස්තවාදියෙකු වී හුදකලා ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාව ඇත. එවැනි “වහබ්වාදී ප්‍රහාර” සිය ගණනක් ලොවපුරා එල්ල වී ඇත.

අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන් නමින් දැනට හඳුනාගෙන ඇති පුදගලයා ප්‍රහාරය එල්ලකරන අවස්ථාව වනවිට ද නවසීලන්ත බුද්ධි අංශ ඔහු පසුපස සිට ඇත. නමුත් ඔහු ප්‍රහාරය එල්ලකරන තෙක් බලාසිටීමට එරට ආරක්ෂක අංශවලට සිදුවී ඇත. මෙවැනි තත්වයක් ශ්‍රී ලංකාවේ ඇති වුවානම් ජිවිත පරිත්‍යාගයෙන් සේවය කරන ආරක්ෂක අංශ වෙත අවස්ථාවාදී දේශපාලකයන් ඇඟිල්ල දිගු කරනු ඇත. අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන් 2017 වසරේදී නවසීලන්ත පොලීසියේ අත්අඩංගුවට ගෙන ඇත. ෆේස්බුක් ගිණුම් දෙකක් ඔස්සේ ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම පිලිබඳ චෝදනා සහ තවත් චෝදනා කිහිපයක් යටතේ ඕක්ලන්ඩ් මහාධිකරණයේ නඩු පවරා විභාග කෙරිණි. නමුත් මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු පිරිස් අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන් ගේ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිට ඇත. ඒ හේතුව මත නවසීලන්ත ආරක්ෂක අංශ ත්‍රස්තවාදීයා පසුපස ලුහුබැඳිම පමණක් සිදුකිරීම සහ ආරක්ෂක අංශවලට ක්‍රියාත්මක වීමට ත්‍රස්ත ප්‍රහාරය එල්ලකරන තුරු රැදී සිටීමට සිදුව ඇත.

මෙය අපේ රට තරයේ අවදානයට ගත යුතු තත්වයකි. ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කරන්නන් අත්අඩංගුවට ගත් පසු පසුගිය කාලයේ දේශීය සහ විදේශීය මානව හිමිකම් සංවිධාන දැඩි ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ආකාරයක් දක්නට ලැබුණි. විශේෂයෙන්ම නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ කවියෙකු යැයි හඳුන්වන හනාෆ් ජාසිම් නැමැත්තා නිදහස් කරන ලෙස බලපෑම් එල්ල විය. අන්තවාදී ත්‍රස්ත තර්ජන පිළිබඳව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පිළිබඳව තීරණ ගැනීමේදී, කිසිදු බාහිර බලවේගයක පලපෑමට හසු නොවී ආරක්ෂක අංශ විසින් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය මත ම පමණක් කටයුතු කිරීමට ප්‍රවේසම් වන ලෙස අපි රජයට අවධාරණය කර සිටිමු.

ආගමික ත්‍රස්තවාදය ප්‍රහාරයට කලින් හඳුනාගැනීමේ ගැලුව සමස්ත ලෝකයම මුහුණපාන ගැටළුවක් බවට දැන් පත්ව ඇත. ඒ ආගමික ත්‍රස්තවාදියා ක්‍රියාත්මක වීමට පෙර විවිධ ස්වරුපයෙන් සිට ක්‍රියාත්මක වීමයි. ඒ බව නවසීලන්ත ප්‍රහාරය හෙලා දකිමින් ඊයේ (2) දින ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මුස්ලිම් සංවිධාන නිකුත්කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයෙන් මනාවට පැහැදිලි වෙයි. සහරාන් ජීවත් වූවානම් ඔහුත් නිසැකවම මෙම ප්‍රහාරය හෙලාදැක නිවේදනයක් නිකුත් කිරීමට ඉඩ තිබුණි.

ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කළ යුතුබවට “කිලාෆත්” සංකල්පය 1950 දශකයේදී හඳුන්වාදුන්, 1990 දශකයේදී ඇෆ්ගනිස්ථානයේ පැවති යුද්ධයට පවා සිය සාමාජිකයන් යැවූ, මරාගෙන මැරෙන ප්‍රහාර සාධාරණිකරණය කර සඟරා නිකුත්කළ ජමාතේ ඉස්ලාම් සංවිධානය සමග වහාබි සහ සලෆි මතවාදවලින් පෝෂණය වන තවත් සංවිධාන 21ක් එකට එකතුවී මෙම නිවේදනය නිකුත් කිරීමෙන් මෙතෙක් අන්තවාදය නැමති හෙළුව වසාගෙන සිටි සුදු පිරුවට ගැලවී ගොස් සමස්ත ලෝකයටම ශ්‍රී ලංකාවේ අන්තවාදීන්ගේ හෙළුව නිරාවරණය වී ඇත. ජමාතේ ඉස්ලාම් නායකයා ලෙස වසර 25 ක් රටතුල අන්තවාදී බීජ වැපිරූ හජ්ජුල් අක්බාර් මේ වනවිට අත්අඩංගුවේ පසුවෙන්නේ ද ඒ අන්තවාදී ක්‍රියා නිසාය. ඒකාබද්ධ නිවේදනය සඳහා වෙනදාක් මෙන්ම මෙරට අහිංසක මුස්ලිම් ජනතාව වහබ්වාදයේ ගිල්ලවීමට නායකත්වය දෙන සමස්ත ලංකා උලමා සභාව නායකත්වය දී තිබීම විශේෂයකි. එමෙන්ම මෙතෙක් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය සමග කටයුතු කල සුෆි තාරිකා සභාව එයින් ගැලවී ගොස් තිබීම ඉතාමත්ම හොඳ පුර්වාදර්ශයකි. මුස්ලිම් සමාජය වහබ්වාදය සහ සලෆිවවාදය යන රකුසාගෙන් බේරා ගැනීමට සුෆි තාරිකා සභාවට හැකි වේවායි අපි ඔවුන්ට සුභ පතමු.

බොදු බල සේනා අභියෝගය

ඉස්ලාම් ආගම යනු ම්ලේච්ච ත්‍රස්ත ආගමක් බවට ලෝකයා හැඳින්වීමට පාදක වුනු ප්‍රභලම මතවාද ලෙස “වහබ්වාදය සහ සලෆිවාදය” හැඳින්වේ. මෙම ඒකාබද්ධ ප්‍රකශය නිකුත්කළ සංවිධාන 22ක එවැනි ප්‍රකශ නිකුත් කිරීමට පෙර “වහබ්වාදය සහ සලෆිවාදය ප්‍රතික්ෂේප කරනවා” යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් හැකිනම් සිදුකරන ලෙසට බොදු බල සේනා සංවිධානය අභියෝග කර සිටිමු.

ඉස්ලාම් අන්තවාදයට තිත තැබීමට,

ඉස්ලාම් ආගමේ නාමයෙන් සිදුවෙන ප්‍රහාර නැවැත්වීමට නම්,
1. වහබ්වාදය
2. සලෆිවාදය
3. ඉහ්වාන් මතවාදය
4. ජමාතේ ඉස්ලාම් මතවාදය

මෙම මතවාද සහිත සංවිධාන / රාජ්‍ය නොවන ආයතන / සුභසාධන ආයතන / අධ්‍යාපනික ආයතන තහනම් කළ යුතු අතර නව සංවිධාන ක්‍රියාත්මක කිරීම ද තහනම් කල යුතුය.

එමෙන්ම මෙම මතවාද සහිත මුද්‍රිත ප්‍රකාශන / ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රකාශන, මෙරටට ගෙන ඒම / නිෂ්පාදනය කිරීම / මුද්‍රණය කිරීම තහනම් කළ යුතුය.

මෙම මතවාදයන්ට අදාළ දේශනා, පොත්පත් අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීම තහනම් කිරීමට කටයුතු කල යුතුය.

ඉස්ලාම් අන්තවාදයට තිත තැබීම සඳහා ඉහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා තෙක් නවසීලන්ත ඕක්ලන්ඩ් ප්‍රහාරය වැනි හුදකලා ප්‍රහාර ද ශ්‍රී ලංකාවේ පාස්කු දින ප්‍රහාරය වැනි සැලසුම් ගත කණ්ඩායම් විසින් ආගමේ නාමයෙන් සිදුකරන ප්‍රහාරයන් ද වැලක්වීමට නොහැකිවනු ඇත.

තෙරුවන් සරණයි…!
රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පහන්තුඩාව අසභ්‍ය වීඩියෝ බලා ඇති පැමිණිලිකාර හිමියන්ට විනය පරීක්ෂණයක් තියන්න….

Next Post

රටේ ලක්ෂ 03ක් ඍජු  කොවිඩ් මරණය අභියස…   60 වැඩි ලක්ෂ 3ක් එන්නත් අරන් නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.