කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි ජනගහණය ලක්ෂ 3ක් මෙරට තුල සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත් කිරීමෙන් දැනට සිදුවන කොවිඩ් මරණවලින් සියයට 90ක් වලක්වා ගත හැකි බව සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.
දැනට සිදුවන මරණ වලින් සියයට 75ක්ම වාර්තාව වන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගෙන් යැයිද වෛද්‍ය ප්‍රනාන්දු මහතා පෙන්වාදේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූලව එන්නත් ලබාදිය යුතු අන්දම පිලිබඳව වාර්තාවන් සකස් කර සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පසුගිය මැයි මාසයේදී භාර දුන් බවද වෛද්‍ය සෙනාල් සඳහන් කරයි.