සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔසී ක්‍රිකට් ලෝඩ් ලා කුඩු පට්ටම් කරමින් සිම්බන් ගහපු ගැහිල්ල…

by editor
පෙබරවාරි 13, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තිගස්වන සුළු පරාජයක් ලබා ඇත.  මේ ලෝක කුසලානය කිසිවෙක් අපේක්ෂා නොකරන පෙරළි සිදුවන උද්වේගකර සටනක් බවට පත්වන ලකුණු පහළ  වී තිබේ.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව නේපාල කණ්ඩායම ලබා දුන් තරගය, දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඇෆ්ගනිස්ථානය ලබා දුන් බිහිසුණු අභියෝගය අද ඉන් ඉහළට එක් පියවරක් තබා තිබේ. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දී ඔස්ට්‍රේලියාව පරාදය. ලකුණ 23කින් බිහිසුණු ලෙසම පරාදය.

අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පෙරවරු 11 ට ආරම්භ වූයේ තරගාවලියේ 19 වැනි තරගය ය. කාසියේ වාසිය දිනුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ.  දැවී ගියේ සිම්බාබ්වේ කඩුළු 02ක් පමණි.  පිතිකරණය ආරම්භ කරන පිතිකරුවන් දෙදෙනාගෙන් අයෙක් වූ අංක 02 පිතිකරු හා කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක තඩිවනාෂේ මරුමානි පන්දු 21ක දී හතරේ පහර07ක් සමග ලකුණු 35කටත්  රයන් බුරී පන්දු 30ක් තුළ ලකුණු 35කටත් දැවී ගියහ.

ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනට් පන්දු 56ක දී  නොදැවී ලකුණු 64කි. ඉනිමේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඔහු නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. නායක සිකන්ද රාසා ලකුණු 25කි. පන්දු 13ක දී වේගවත් ලකුණු 25ක් ලැබූ රාසා හතරේ පහර 02ක් සහ එක් හයේ පහරක් එල්ල කළේය.

මාර්කස් ස්ටොනිස් සහ කැමරන් ග්‍රීන් කඩුල්ල බැගින් ලැබූහ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඔස්ට්‍රේලියාවට එල්ලවන්නේ බලාපොරොත්තු නොවූ මට්ටමේ ප්‍රහාරයකි.  සිම්බාබ්වේ පන්දු යවන්නෝ ප්‍රබල යැයි සම්මත ඔස්ට්‍රේලියානු පිතිකරණ ඇණිය ඇඹරවූහ.  සිම්බාබ්වේ පන්දු යවන්නන් හමුවේ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් 08 දෙනෙක් ලකුණු 08කට අඩුවෙන් දැවි ගියහ.  ලකුණු නොලබා දැවී ගිය පිතිකරුවන් ගණන 03කි.  ආරම්භක පිතිකරු ජොෂ් ඉංගිෂ් ලකුණු 08කි. කැමරන් ග්‍රීන් ලකුණ ලැබුවේ නැත. ටිම් ඩේවිඩ් ලකුණු ලැබුවේ නැත. මාකස් ස්ටොනික් ලකුණු 06කි. බෙන් ද්වාර්ෂුයිස් ලකුණු 06කි. ඇඩම් සම්පා ලකුණු 02කි. මැතිව් කුහ්නෙමන් ලකුණු නැත.

මේ තරමින් හෝ ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට එන්නේ මැට් රෙන්ෂෝ සහ ග්ලෙන් මැක්ස්වෙල්ට පින්සිද්ධ වන්නටය. රෙන්ෂෝ පන්දු 44ක දී  සටන්කාමී ලකුණු 65ක් ලැබුවේය. ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 32ක දී ලකුණු 31කි.  නායක ට්‍රෙවිස් හෙඩ් ලකුණු 17කි.

පන්දු ඕවර 19.3ක් තුළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සියලු දෙනා ලකුණු 146කට දැවී ගියහ.

සිම්බාබ්වේ වෙනුවෙන් අමතක නොවන පන්දු යැවීමක් වාර්තා කළේ බ්ලෙසින් මුසරබානිය. පන්දු ඕවර 04 තුළදී ඔහු ලබා දුන්නේ ලකුණු 17ක් පමණි.  ඔස්ට්‍රේලියානු කඩුළු 04ක් ඔහු කුඩු කර දැම්මේය.  බ්‍රෙඩ් එවන්ස්  පන්දු ඕවර 3.3ක් තුළ ලකුණු 23ට කඩුළු 03කි. වෙලින්ග්ටන් මස්කාඩා සහ රයන් බුරී කඩුල්ල බැගින් ලැබූහ.

තරගයේ වීරයා බ්ලෙසින් මුසරබානිය.  අප දැන් බලාගෙන ඉන්නේ අපේ ඛාණ්ඩයේ තරගකාරී සටන ලෙස සැලකෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගය දෙසය. අපට  දැනට ප්‍රාර්ථනාවක් ඇත. ඒ මේ ගැහිල්ල    සිම්බාබ්වේ කණ්ඩායම අපට ගහනු බලන්නට නොලැබේවා යන්නය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාදැල් ගැටලුවට විසඳුම් සෙවීමට ජනපතිගේ මැදිහත් වීම සාර්ථක වේවි ද?!

Next Post

ජනපති සමග කළ සාකච්ඡාවෙන් පසු මා දැල් ධීවරයෝ විරෝධතාවය අත්හරිති…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.