දකුනු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ අද ශාන්ත ජෝර්ජ් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයට පත් කරමින ඔවුන් ලබා දුන් ලකුණු 112ක ඉලක්කය කඩුළු නොදැවී ඔස්ට්‍රේලියානු කණ්ඩායම අත් කරගත්තේ පන්දු 25ක් ඉතිරිව තිබිය දී ය.
කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දු යැවීම තේරුවේය ආරම්භක පිතිකාරිණිය වූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 40ක දී ලකුණු 34ක්, නායක චමරී අතපත්තු පන්දු 16ක දි ලකුණු 16ක්, විශ්මි ගුණරත්න පන්දු 33ක දී ලකුණු 24ක් ස නිලක්ෂි ද සිල්වා පන්දු 07ක දී ලකුණු 15ක් ලැබුවේය. අනෙක් කිසිවෙක් ලකුණු 10 සීමාව පසු කළේ නැත
පන්දු යැවීමේ දි විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මේගන් ස්චුට් ලක්ණු 24කට කඩුළු 04ක් සහ ග්‍රේස් හැරිස් ලකුණු 07කට කඩුළු 02ක් ලැබූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකාරිණියන් යුවල අනුකම්පා විරහිත ප්‍රහාරකයට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ලක් කළහ. ඇලිසා හේලි බෙත් මූනි දෙදෙනාම අර්ධ ශතක ලදහ. ඇලිසා පන්දු 43ක දී වේගවත් ලකුණු 54ක් ලැබුවාය. ඊට හතරේ පහර 6ක් සහ එක් හයේ පරහක් ඇතුළත් විය. බෙත් පන්දු 53ක දි ලකුණු 56ක් ලැබුවාය. ඊට හතරේ පහර 07ක් ඇතුළත් විය. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ඇලිසා හේලිය.







