අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඔමික්‍රෝන් දැනටමත් රටේ තිබිය හැකියි”- රවි කුමුදේශ්

by Lanka Sara Editor
නොවැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ දැනටමත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය තිබිය හැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සහාපති රවී කුමුදේශ් මහතා පවසයි.

එසේම ඉදිරියේදී නොදැනීම එය ඇතුළු වී ක්‍රමාණුකූලව වර්ධනය වීම හෝ සිදුවිය හැකි බව හෙතෙම කියා සිටී.

PCR පරීක්ෂණ, ප්‍රභේද පරීක්ෂණ, නියැදි පරීක්ෂණ, රටට ඇතුළුවීමේදී කරන පරීක්ෂණ හරියට නොකළ නිසාත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒවා නොකරන්නැයු නීති පැන වූ නිසාත් ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මෙරට තුළට ඇතුළු වී තිබිය හැකි බව රවි කුමුදේශ් මහතා අවධාරණය කර සිටී.

ඔහු කියා සිටින්නේ “දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබදව සැලකිලිමත් නොවුණොත්, වසන්තය ඉවරවෙනවා නියතයි.” යනුවෙනි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

හෙතෙම ඒ පිළිබඳ වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

“අපි රටක් විදිහට යම් ප්‍රමාණයක් හෝ කොවිඩ් පාළණය කරගෙන ඉන්නේ ස්වභාවික ප්‍රතිශක්තිය නිසා සහ එන්නත් ප්‍රතිශක්තිය නිසා.

ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාධනය විය හැකි ප්‍රභේදයක්. ඒ වගේම දැනට තියන එන්නත් සියල්ලට ප්‍රතිරෝදී ප්‍රභේදයක්. ඒ නිසා ඔමික්‍රෝන් රටට ඇතුලු වෙනවා කියන්නේ, වසන්තය ඉවර වෙනවා සත්තයි.

ඒත් අපි තාම රට ඇතුළුවෙන අයගේ PCR පරීක්ෂණ කරන්නේ නැහැ. වාහම එය ඇරඹිය යුතුයි

B.1.1.529 ප්‍රභේදය 2021 නොවැම්බර් 24 වැනි දින දකුණු අප්‍රිකාවෙන් WHO වෙත ප්‍රථම වරට වාර්තා කරන ලදී. දකුණු අප්‍රිකාවේ වසංගත රෝග තත්ත්වය වාර්තා වූ අවස්ථා වලදී වෙනස් උච්ච අවස්ථා තුනකින් සංලක්ෂිත වී ඇති අතර, එහි නවතම ප්‍රභේදය ප්‍රධාන වශයෙන් ඩෙල්ටා ප්‍රභේදය විය. මෑත සතිවලදී, B.1.1.529 ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ ආසාදන දැඩි ලෙස වැඩි වී ඇත. ප්‍රථම වරට තහවුරු කරන ලද B.1.1.529 ආසාදනය 2021 නොවැම්බර් 9 දින එකතු කරන ලද නියැදියකි. මෙම ප්‍රභේදයට විකෘති විශාල සංඛ්‍යාවක් ඇත, ඒවායින් සමහරක් ඉතා සුවිශේෂී වේ. අනෙකුත් ප්‍රභේද (VOC – Varient of Concern) වලට සාපේක්ෂව මෙම ප්‍රභේදය සමඟ නැවත ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බව මූලික සාක්ෂි යෝජනා කරයි. මෙම ප්‍රභේදයේ සිද්ධීන් සංඛ්‍යාව දකුණු අප්‍රිකාවේ සෑම පළාතකම පාහේ වැඩිවෙමින් පවතින බව පෙනේ.

වත්මන් SARS-CoV-2 PCR රෝග විනිශ්චය මෙම ප්‍රභේදය දිගටම අනාවරණය කරයි. බහුලව භාවිතා වන එක් PCR පරීක්ෂණයක් සඳහා, ඉලක්කගත ජාන තුනෙන් එකක් අනාවරණය කර නොගන්නා බව රසායනාගාර කිහිපයක් පෙන්වා දී ඇත (S ජාන අත්හැරීම හෝ S ජාන ඉලක්ක අසාර්ථක වීම ලෙස හැඳින්වේ) එබැවින් එම තත්ත්වය මෙම ප්‍රභේදය සඳහා සලකුණු කාරකයක් නොහොත් අනුමානයක් ලෙස භාවිතා කළ හැකිය. මෙම ප්‍රවේශය භාවිතා කරමින්, මෙම ප්‍රභේදය පෙර පැවති ආසාදනවලට වඩා වේගවත් වේගයකින් අනාවරණය කරගෙන ඇති අතර, මෙම ප්‍රභේදයට වර්ධන වාසියක් තිබිය හැකි බව යෝජනා කරයි.

2 කොටස.

අපි PCR පරීක්ෂණ, ප්‍රභේද පරීක්ෂණ, නියැදි පරීක්ෂණ, රටට ඇතුළුවීමේදී කරන පරීක්ෂණ හරියට නොකරපු නිසාත්, සෞඛ්‍ය.අමාත්‍යාංශය එහෙම කරන්න එපා කියලා නීති දාපු නිසාත්, රටේ දැනටමත් ඔමික්‍රෝන් තියෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී නොදැනීම ඇතුළුවෙලා ක්‍රමාණුකූලව වර්ධනය වෙන්නත් පුළුවං. මේ පරීක්ෂණ කරන විදිහට රැල්ලක් ඇතිවෙලා පාළණය කරගන්න බැරි තැනකට පත් වුණාම තමයි අපිට ඒක හදුනා ගන්න පුළුවං වෙන්නේ. ඒක රෝග පාලන ප්‍රතිපත්ති, සැලසුම්වල සහ ආවේක්ෂණ ක්‍රියාවලියේ දුර්වලතාවයක්.

3 කොටස

රට තුල ක්‍රමාණුකූලව වර්ධනය වන තත්වයන් හදුනා ගනිමින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සදහාත් මහජනතාව සූදානම් කිරීම සදහාත් අදුරේ අතපත ගෑම වෙනුවට අහඹු නියැදි පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන්න. ඒවායේන් ලබෙන විද්‍යාත්මක දත්ත පුරෝකථන රටට ඉදිරිපත් කරන්න. ජංගම රසායනාගාර වැනි ක්‍රමයක් භාවිතා කරලා දිස්ත්‍රික්ක පුරා, පාසැල් , කර්මාන්ත ශාලා යම් විද්‍යාත්මක පදනමකින් පරික්ෂා කරමින් ඒවායේ ප්‍රතිපළ අනූව තීරණ ගැනීම ආරම්භ කරන්න.

ඔමික්‍රෝන් හෙවත් B.1.1.529 ප්‍රභේදය 2021 නොවැම්බර් 24 වැනි දින දකුණු අප්‍රිකාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ප්‍රථම වරට වාර්තා කරන ලදී.

මෙම ප්‍රභේදයට විකෘති විශාල සංඛ්‍යාවක් ඇත, අනෙකුත් “විශේෂයෙන් සලකා බැලියයුතු ප්‍රභේද” (Varient Of Concern) වලට සාපේක්ෂව මෙම ප්‍රභේදය සමඟ නැවත ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බව මූලික සාක්ෂි මගින් තහවුරු කර ඇත.

බහුලව භාවිතා වන එක් PCR පරීක්ෂණ මගින් මෙම ප්‍රභේදය සදහා ඉලක්කගත ජාන තුනෙන් එකක් අනාවරණය කර නොගන්නා බව රසායනාගාර කිහිපයක් පෙන්වා දී ඇත (S ජාන අත්හැරීම හෝ S ජාන ඉලක්ක අසාර්ථක වීම ලෙස හැඳින්වේ) එබැවින් සාමාන්‍ය PCR පරීක්ෂණය මෙම ප්‍රභේදය සඳහා සලකුණු කාරකයක් (අනුමාන කිරීම) ලෙස භාවිතා කළ හැකිය.

මෙම හැකියාවන් භාවිතා කරමින්, මෙම ප්‍රභේදය පෙර පැවති ආසාදනවලට වඩා වේගවත් වේගයකින් අනාවරණය කරගෙන ඇති අතර, එමගින් මෙම ප්‍රභේදයට සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි ප්‍රභේදයක් බවට පර්යේෂණාත්මක තොරතුරු මගින් තහවුරු වී ඇත.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ ඩොලර් බැදුම්කර සියයට 82 තරම් ඉහළ පොලියට – ආචාර්ය හර්ෂ හෙළිකරයි

Next Post

“ආර්ථිකය හිතාගත නොහැකි තරමේ අසීරු තැනක”- ජනාධිපති ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.