බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඔමික්‍රොන් රටට එන එක වළක්වන්න බෑ… සිදුකළ හැක්කේ පමා කිරීම පමණයි.“ – ආචාර්ය ජීවන්දර

by editor
නොවැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන කොවිඩ්-19 රෝගයට හේතු වන ඔමික්‍රොන් (Omicron – B.1.1.529) නම්  නවතම වෛරස ප්‍රභේදයක් පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නොවැම්බර් 26 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදි. මෙම නව ප්‍රභේදය හා එහි ස්වභාවය සම්බන්ධයෙන්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර  මහතා සමග අප කළ සාකච්ඡාවේදී ඒ මහතා විසින් සිදු කරන ලද පැහැදිලි කිරීම් මෙසේ ය.

covid-delta-veriyant

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති ඔමික්‍රොන් (Omicron – B.1.1.529) ලෙස නම් කර ඇති කොවිඩ්-19 රෝගකාරක නව වෛරස් ප්‍රභේදයේ විශේෂතා මොනවා ද…?

“මෙම ඔමික්‍රොන් (B1.1.529) ප්‍රභේදයේ “s” ජානය ආශ්‍රිත ව  විකෘතිතා 33ක් ඇතිවී ලැබෙනවා. ඒවා වේගයෙන් පැතිරයාමේ හැකියාව සහිත විකෘතිතා යි. නමුත් මෙය වැඩි වේගයකින් පැතිර යන්නේද කියා තව ම නිශ්චිත ව තහවුරු කරගෙන නෑ. ඒ ගැන පර්යේෂණ සිදුවෙමින් පවතිනවා.”

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති පරිදි මෙම වෛරස ප්‍රභේදය අවදානම් වන්නේ කෙසේ ද..? එහි සංකූලතා  මොනවාද..?

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“මෙම ඔමික්‍රොන් ප්‍රභේදය වී.ඕ.සී. (Variant of Concern) කාණ්ඩයේ වෛරස ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ කමිටුවක් මගින් නොවැම්බර් 26 වැනිදා ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ප්‍රභේදයේ ඇති විකෘතිතා නිසා එය පැතිරීම වැඩි විය හැකි බවට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙනවා. කලින් රෝගය හැදුණු කෙනෙකුට වුණත් මෙම නව ප්‍රභේදය මගින් රෝගය නැවත සෑදීමේ හැකියාවක් තියෙනවා.”

වෛරස ප්‍රභේදයක් වී.ඕ.සී. (Variant of Concern) කාණ්ඩයට ඇතුළත් කිරීමට හේතු වන කාරණා මොනවාද…?

“වෛරස ප්‍රභේදය පැතිරීම වේගවත් නම්, එයින් දරුණු රෝග ලක්ෂණ ඇති කරවන්නේ නම්, රෝග ලක්ෂණවල ස්වභාවයේ වෙනසක් තිබේ නම්, පරීක්ෂණවලින් මගහැර යාමක් තිබේ නම්, එන්නත්කරණය මගින් හෝ ස්වභාවික ව රෝගය වැළඳීමෙන් ඇතිවූ ප්‍රතිශක්තිය මගහැරීමේ හැකියාවක් පවතී නම් එම වෛරස ප්‍රභේදය  වී.ඕ.සී. (Variant of Concern) කාණ්ඩයේ වෛරස ප්‍රභේදයක් ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වනවා. ඒ අනුව මෙම ඔමික්‍රොන් (B1.1.529) ප්‍රභේදයත් වී.ඕ.සී. (Variant of Concern) කාණ්ඩයේ වෛරස ප්‍රභේදයක් ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වනු ලැබුවා. නමුත් මේවා තවම පරීක්ෂණ මට්ටමේයි තිබෙන්නේ. නිශ්චිතව ම තහවුරු කරලා නැහැ. ඒවාට අදාළ ව පර්යේෂණ තව ම සිදු කෙරෙනවා. මෙම

කාණ්ඩයට ඇතුළත් වූ 5වන ප්‍රභේදය මෙයයි. මීට පෙර හැඳුනා ගත් ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා යන ප්‍රභේද අයත් වූයේත් මෙම වී.ඕ.සී. (Variant of Concern) කාණ්ඩයට යි.”

පී.සී.ආර්. (PCR) පරික්ෂණයකින් මෙම රෝගීන් හඳුනාගත හැකි ද…?

“ඔව්. සමහර පී.සී.ආර්. කට්ටල  මගින් වැඩි තහවුරු කර ගැනීමක් කර ගැනීමටත් හැකියාවකුත් තිබෙනවා. පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවේ එස් ජින් ටාගට් එක  සඳහන් වුණේ නැත්නම් (S gene target  failure or S gene dropout) එම පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය වූ තැනැත්තාට මෙම නව කොමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වී ඇති බව අපට සැක කළ හැකියි.

මෙවැනි ම තත්ත්වයක් ඇල්ෆා ප්‍රභේදය ලංකාවට පැමිණි වෙලාවෙදිත් ඇතිවුණා. ඒ අවස්ථාවේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් එස් ජීන් ටාගට් එක  සඳහන් නොවුණු වාර්තා පරීක්ෂා කිරීමේදී එය ඇල්ෆා ප්‍රභේදය බවට සැක කළ හැකි වුණා. මේ වනවිට ඇල්ෆා ප්‍රභේදය ලංකාවෙන් තුරන් ව ඇති නිසා නව පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවල එස් ජින් ටාගට් එක  සඳහන් වුණේ නැති වුණොත් එය කොමික්‍රොන් ප්‍රභේදය බවට සැක කළ හැකි වෙනවා. කොහොම වුණත් පී.සී.ආර්. පරික්ෂණයකින් රෝගය ආසාදනය වී තිබේද යන්න හඳුනා ගත හැකියි.”

මේ වනවිට මෙම නව ප්‍රභේදය ආසාදනය වූවන් කී දෙනෙකු වාර්තාවී තිබෙනවා ද..?

“2021 නොවැම්බර් 29 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.58ට නිකුත් කරන ලද වාර්තාවට අනුව  මෙම නව කොමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූ  රෝගීන් සංඛ්‍යාව 155ක්  බවට තහවුරු කරගෙන තිබෙනවා. එයින් 109 දෙනෙක් දකුණු අප්‍රිකාවෙනුත්, රෝගීන් 19 දෙනෙක් බොස්වානාවෙනුත්, රෝගීන් 13 දෙනෙක් නෙදර්ලන්තයෙනුත්, රෝගීන් 3ක් එංගලන්තයෙනුත්, රෝගීන් 2ක් හොංකොංවලිනුත්, රෝගීන් 2ක් ඔස්ට්‍රේලියාවෙනුත්, රෝගීන් 2ක් ඩෙන්මාර්කයෙනුත්, ඉතාලියෙන්, ඊශ්‍රායලයෙන්,  බෙල්ජියමෙන්, චෙක් රාජ්‍යයෙන් හා ජර්මනියෙන් එක රෝගියා බැගිනුත් දැනට තහවුරු කරගෙන තියෙනවා. නමුත් කොමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 1086 දෙනෙක් මේ වන විට මෙකී රටවල්වල සිටින බවට අනුමාන කෙරෙනවා.”

ශ්‍රී ලංකාව මෙම නව ප්‍රභේදයෙන් ආරක්ෂා විය යුතු වන්නේ කෙසේ ද…?

“දකුණු අප්‍රිකානු රටවලින් ලංකාවට පැමිණීම දැනටමත් තහනම් කර තිබෙනවා. එම රටවලින් මේ වන විටත් පැමිණි අය ඉන්නවා නම් ඒ අයව අනිවාර්ය නිරෝධායනයට යොමු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා ඉක්මනින් ඒ තීරණය ගැනීම ඉතා අගය කළ යුතුයි. පසුගිය සති දෙක ඇතුළත ලංකාවට පැමිණි අය අතරින් කොවිඩ් ආසාදිත අයගේ සාම්පල අපි අරගෙන ඇවිත් අපේ විද්‍යාගාර පරික්ෂණවලට යොමු කරනවා. ඒ අය අතර මෙම නව ප්‍රභේදය ආසාදනය වූ අය සිටින්නේ ද කියා එයින් අපට හඳුනාගත හැකි වේවි. ලෝකයේ කිසිම වෛරස ප්‍රභේදයක්  අපේ රටට එන එක සම්පූර්ණයෙන් ම නවත්වන්න බැහැ. යම්කිසි දවසක මේක ලංකාවටත් එන්න පුළුවන්. වැදගත් වන්නේ එම වෛරසය ලංකාවට පැමිණීම ප්‍රමාද කරවීමෙන් ඒ සඳහා අපට සූදානම් වීම සඳහා කාලය ලැබීමයි. මෙම නව ප්‍රභේදය ගැන පර්යේෂණ දැනටමත් සිදු කෙරෙනවා.  ඇත්තටම මෙම ප්‍රභේදය පැතිරීමේ වේගවත් බවක් තියෙනවද, රෝග ලක්ෂණවල වෙනසක් තියෙනවද, දැනට පවතින ප්‍රතිශක්තියේ වෙනසක් වෙයි ද වගේ දේවල් ඒ ආශ්‍රිත ව ඉදිරි සති දෙක තුන ඇතුළත අපට දැනගත හැකි වෙනවා. එතෙක් වත් මේ රට ඇතුළට මෙම වෛරසය පැමිණීම පුළුවන් තරම් ප්‍රමාද කරවීම හෝ නවතා ගැනීම කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ ජනතාව තුළ මේ වනවිට වෛරසයෙන් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු පිළිවෙත් බොහෝදුරට ගිලිහී තිබෙනවා. මෙය අවදානම් තත්ත්වයක් නේද..?

“ඇත්තටම ඔව්.  ජනතාව මෙතෙක් පිළිපැදි ආරක්ෂක ක්‍රමවේදයන් ඒ විදිහටම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අව ම වශයෙන් මීටරයක පරතරය තබා ගැනීම, මුව ආවරණයක් නිසි පරිදි භාවිත කිරීම, දොර ජනෙල් විවෘත ව තැබීම, ජනතාව බහුල ව ගැවසෙන තැන්වලින් ඉවත් ව හෝ මගහැර සිටීම, දෑත් නිතර පිරිසිදු කර ගැනීම, කිවිසුම් යාමකදී වැලමිට භාවිත කිරීම හෝ ටිෂූ එකක භාවිත කිරීම, ලැබෙන පළමු අවස්ථාවේදී ම එන්නත ලබා ගැනීම, එන්නත් දෙක ම ලබා ගත් අය බූස්ටර් එන්නතත් ලබා ගැනීම වැදගත් වෙනවා.”

ලංකාවේ වැඩි දෙනෙකුට ලබා දුන් සයිනොෆාම් එන්නත ලබා ගත් අයගේ ප්‍රතිදේහ මාස 3ක් පමණ වනවිට අඩු වූ බවට වාර්තා වූ බැවින් යම් හෙයකින් මෙම නව ප්‍රභේදය පැමිණියහොත් දැඩි අවදානම් තත්ත්වයක් ලංකාවට උදා විය හැකියි නේද…?

“සයිනොෆාම් එන්නත ලබා ගත් අය එහි දෙවන මාත්‍රාව ලබාගෙන මාස තුනකින් බූස්ටර් එන්නතක් ලබා ගැනීමෙන් ශරීරය තුළ ඇතිකරගෙන තිබූ ප්‍රතිශක්තිය ඉතා හොඳින් වර්ධනය කරගත හැකි වෙනවා. ප්‍රතිශක්තිය තීව්‍ර කර ගැනීම සඳහා බූස්‍ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමෙන් රෝග ආරක්ෂාව සැලසෙනවා. දැනට කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ක්‍රමවේද මෙම නව ප්‍රභේදය සම්බන්ධයෙනුත් එලෙස ම අනුගමනය කිරීමේ ගැටලුවක් නැහැ. වැඩිදුර ප්‍රතිකාර සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කෙරෙනවා.”

දකුණු අප්‍රිකාවේ මෙම නව ප්‍රභේදය ඇතිවීමට විශේෂ හේතුවක් තිබෙනවා ද..?

“දකුණු අප්‍රිකාවේ එන්නත්කරණය ඉතා අඩු සංඛ්‍යාවක තිබීම නිසා විකෘති ප්‍රභේද ඇතිවීම වේගවත් වී ඇති  බව විශේෂඥයින්ගේ මතය යි. වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමෙන් නව ප්‍රභේද ඇතිවීමේ ප්‍රවණතාවත් වැඩියි. එන්නත් ලබාගැනීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය වන්නා සේ ම දරුණු රෝග ඇතිවීමත් වළක්වාගත හැකි වෙනවා.”

කොවිඩ් සාර්ස් වෛරසය මීට සියවසකට පෙරත් මතුවෙලා යටපත් වුණා. ඊට ප්‍රතිශක්තියක් ඇති වුණා.   විද්‍යාත්මකව දියුණු වීමත් එක්ක කරන සොයාගැනීම සමග අපි මේ රෝගය ගැන අනවශ්‍ය විදිහට කලබල වෙලා ද….?

“සාර්ස් කොවි2 වෛරසය නිසා  ඇති වුණු මේ වසංගතය මේ සියවසේ අපි දකින එක ම වසංගතය යි. එක ඕනෑ ම වෛරස වසංගතයක් නැති කරන්න ක්‍රමය වන්නේ ප්‍රතිශක්තිකරණය යි. ප්‍රතිශක්තිය ලබාගන්නා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලෙඩේ හැදිලා ඇති වන ස්වභාවික ප්‍රතිශක්තිකරණය. අනික  එන්නත්කරණය මගින් ප්‍රතිශක්තිය ලබා  දීම යි. එන්නත්කර්ණයෙන් ප්‍රතිශක්තිය ඉක්මනින් ලබා ගත හැකියි.

දකුණු අප්‍රිකාවේ මේ වගේ නිතරම නව ප්‍රභේද  ගොඩනැගීම සිදු වන්නේ එන්නත්කරණය ඉතා පහළ මට්ටමක තිබීම නිසයි. රෝගය බෝවීම වැඩි වෙද්දී නව ප්‍රභේද ගොඩනැගෙනවා. එයින් විකෘතිතා ඇති වෙනවා. මේ නිසා වෛරසය  පැතිරෙන එක වළක්වන්න හොඳම ක්‍රමය එන්නත්කරණය යි. කවද හරි දවසක මේ ලෝකේ බහුතරයක් එන්නත්කරණය කළ දවසක මේ වෛරසය නැති වෙයි.

ඉතිහාසයේ ඇති වුණු වෛරස ලෝකයෙන් තුරන් වුණේ   බොහොමයක් දෙනා රෝගයට ගොදුරු වීමෙන් ලැබුණු ප්‍රතිශක්තියෙනුයි. ඒ වගේ ම බොහෝ පිරිසක් මිය ගියා. ඒ කාලේ එන්නත් තිබුණේ නැහැ. ඒ කාලේ වෛද්‍ය විද්‍යාවත් ප්‍රාථමික අවධියකයි තිබුණේ. වෛරසය හැදිලා ඒක සනීප වෙයි ද දරුණු රෝග තත්ත්වයකට ගොඳුරු වෙයි ද මියයයි ද කියලා කියන්න දන්නේ නෑ.

වෛරසය පැතිරීම කවදා, කොච්චර කාලෙකින් නතර වෙයිද කියලා කියන්න අපි දන්නේ නෑ. ඒ කාලේ මුව ආවරණය තිබුණෙත් නැහැ. මිනිස්සු ගෝස් කෑලි දෙකට තුනට නවලා තමයි මුව ආවරණ හදාගෙන තිබුණේ. ඒ වගේ තත්ත්වයක හිටපු ලෝකය අද ගොඩාක් දියුණුයි. ඒ නිසා දැන් පවතින තත්ත්වය හැකි ඉක්මනින් ඉවර වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එන්නත්කරණය හරියට ම වෙන්න අවශ්‍යයි.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔමික්‍රෝන් කැනඩාවෙනුත් – දැනටමත් රටවල් 14කින්

Next Post

ගෑස් සංයුතිය ගැන කියන්න ඇමති අදත් අසමත් වෙයි- දිස්ත්‍රික්ක හයකින් තවත් සාම්පල 12ක් පරීක්ෂණයට

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.