කොවිඩ් නව ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදය කැනඩාවෙන් ද හමුවීමත් සමඟ අවම වශයෙන් රටවල් 14කින් ආසාදිතයින් අනාවරණය කරගෙන තිබේ.
දැනට දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ඕස්ට්‍රේලියාව, කැනඩාව, චෙක් ජනරජය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ජර්මනිය, ඉතාලිය සහ බෙල්ජියම ආදි රටවලින් ආසාදිතයන් හමුවී ඇත.
අවම වශයෙන් රටවල් 44 ක් පමණ ඔමික්‍රොන් ප්‍රභේදය නිසා දකුණු අප්‍රිකානු කලාපයේ සිට ගමන් කිරීම සඳහා තාවකාලික සංචාරක දේශ සීමාවන් පනවා ඇත.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ මෙම ප්‍රභේදය වඩාත් බෝවන සුළුද, එය වඩාත් දරුණු රෝග ඇති කරන්නේද යන්න සහ එන්නත් මගහැරිය හැකිද යන්න තීරණය කිරීම සඳහා තවත් පර්යේෂණ අවශ්‍ය බවයි.