ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති බව පවසන ආචාර්ය ජීවන්දර එම වෛරසය ප්‍රතිශක්තීකරණ එන්නත්වලට ප්‍රතිචාර නොදැක්වුව ද බූස්ටර් එන්නතක් මඟින් ආරක්ෂාවීමේ හැකියාව පවතින බව කියයි.
කෙසේ වෙතත් එම වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ස්ථීර නිගමනයකට පැමිණීමට මෙතෙක් හැකියාව නොමැති අතර ඒ සඳහා තවත් කාලය සහ දත්ත අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව වෛද්‍ය චන්දිම ජීවන්දර පෙන්වා දෙයි..
It is far too early to conclude that Omicron is mild or severe as the data is lacking #OmicronVariant
— Chandima Jeewandara (@chandi2012) December 8, 2021
There was ?hope that Omicron might not spread as fast in Sri Lanka/Europe. We wouldn’t necessarily see the same rate of spread as in South Africa because high rates of Delta and vaccination would be in Omicron’s way.
— Chandima Jeewandara (@chandi2012) December 8, 2021
.