චීනයේ සීවින් බයෝටෙක් සමාගම වෙතින් ශ්‍රී ලංකාව ආනයනය කළ පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් පටවාගත් නෞකාව සම්බන්ධ ආරවුල විසඳීමට නොපසුබට උත්සාහයක් ගත්තද, ශ්‍රී ලංකාව සමඟ කිසිදු සාධනීය ගිවිසුමකට එළඹීමට අපොහොසත් වීමෙන් පසු ආපසු යමින් සිටින බව ද නෞකාව සිංගප්පූරුවට ගමන් කරන බවත් ඉන් පසු මේ ගැටලුව සමථයකට පත් කිරීම සඳහා සමාගම ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියා පටිපාටියක් දියත් කිරීමට සූදානම් බවත් ග්ලෝබල් ටයිම්ස් වාර්තා කරයි.
ග්ලෝබල් ටයිම්ස් පවසන්නේ මේ පොහොර ගනුදෙණුව පිළිබඳව තවත් බේරුම්කරණ ක්‍රියා පටිපාටියක් ළඟදීම ශ්‍රී ලංකාවේ කොළඹදී ද සිදුවනු ඇති බවය. සිංගප්පූරුවේ බේරුම්කරණය කිරීමට නියමිත කොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකම ඩොලර් මිලියන 49.7 කි.
චීන සමාගම තම නිෂ්පාදනවල ගුණාත්මකභාවය සනාථ කිරීම සඳහා තෙවන පාර්ශවීය සහතික ලබා ගැනීමෙන් පසුව පවා ශ්‍රී ලංකා නිලධාරීන් ගනුදෙනුවලින් පසු බැස ඇත් බවත්, ගැටලු විසඳීමට කිසිදු අවංකභාවයක් නොමැති බවත් තමන්ට පැහැදිලි වී යැයි කියන ග්ලෝබල් ටයිම්ස් පුවත් ඒජන්සිය එම සමාගම විසින් සිංගප්පූරුවේ බේරුම්කරණ ක්‍රියා පටිපාටිය දියත් කිරීමට හේතුව එය යැයි සඳහන් කරයි.
“සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණය පිළිබඳව ශ්‍රී ලංකාවට බේරුම්කරණ දැන්වීමක් නිකුත් කර ඇති අතර බේරුම්කරණ ක්‍රියා පටිපාටිය ආරම්භ කර ඇත” යනුවෙන් සමාගමට සමීප මූලාශ්‍රයක් ඊයේ එම පුවත් ඒජන්සිය වෙත පවසා තිබේ.
ග්ලෝබල් ටයිම්ස් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සමාගම ප්‍රකාශ කළේ චීනයෙන් ආනයනය කරන ලද පොහොර පිළිබඳ ආරවුල සම්බන්ධ ලංසු තැබීම සැක සහිත සහ අඳුරු වූ අතර එයට ව්‍යාපාරික නීති කඩ කිරීම සහ සත්‍යය ජනතාවගෙන් වසන් කිරීම ඇතුළත් බවයි.