දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ රාමේස්වරන් ප්රදේශයේ ධීවරයින් පිරිසක් මහ මුහුද මැදදී බේරා ගෙන ඔවුන්ට ඔවුන්ට සත්කාර කර අබලන් වූ බෝට්ටුවද අලුත්වැඩියා කරදීම සම්බන්ධයෙන් රාමේස්වරන් ධීවර සංගමය ශ්රී ලංකා නාවික හමුදාවටත් රජයටත් ඊයේ (01) සිය ප්රණාමය පුද කළේය.
රාමේස්වරන් සේකර් පාණ්ඩියන් වරායෙන් මසුන් මැරීමට ගිය ධීවරයින් හය දෙනෙකුගේ බෝට්ටුවක එන්ජිම ක්රියා විරහිත වීම නිසා එම බෝට්ටුව ධීවරයින් සමග තලෙයිමන්නාරම දෙසට පාවෙමින් තිබියදී නාවික හමුදාව ඔවුන්ව බේරා ගෙන තිබේ.
මේ පිළිබදව සිය ප්රණාමය පුදකරමින් රාමේස්වරන් ධීවර සංගමය අගෝස්තු ශ්රී ලංකා නාවික හමුදාවටත් රජයටත් ලිපියක් යොමු කොට ඇත.