ශ්‍රියානි විජේසිංහ –
උද්ඝෝෂණයට සම්බන්ධ වූ විදුලිබල මණ්ඩල සේවකයින්ට එරෙහිව විනය පරික්ෂණයක් පවත්වා සේවය අත්හිටුවන ලෙසට විදුලිබල ඇමතිවරයා නිකුත් කර ඇත්තේ ලිපියක් නොව කෑලෑ පත්තරයක් යැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කරයි.
විදුලි බල මණ්ඩලයේ 28000ක් පමණ වන සේවකයින්ගෙන් 22000ක් පමණ සේවකයින් සංඛ්‍යාවක් නිවාඩු දමා උද්ඝෝෂණයට සම්බන්ධ වූ බැවින් එවැනි සේවකයින්ට එරෙහිව විනය පරික්ෂණයක් පවත්වා වැඩ තහනම් කළ හැක්කේ කුමන පදනමකින්ද යන්න රංජන් ජයලාල් විමසයි.
කම්කරු නීතියක් පවා නොදන්නා ඇමතිවරයා මෙවැනි ක්‍රියා මාර්ගයන් ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට වුවද යාමට සූදානමින් සිටින බවත් විදුලිබල මණ්ඩල සේවකයින් දින තුනක් පුරා උද්ඝොෂණයේ නිරත වුවද දිවයිනේ කිසිදු ස්ථානයක විදුලිය බිඳවැටීමක් සිදු නොවූ බවද හෙතෙම අවධාරණය කරයි.
ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් අද (6) සවස විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති ඒකරාශි වී ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද රංජන් ජයලාල් පැවසුවේ.







