ලලිත් චාමින්ද –
ගාලුකොටුවේ ප්රධාන කොටුදොරකඩ අසලදි තායිවාන් ජාතික කාන්තාවකගේ රුපියල් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න වටිනාකමකින් යුතු දේපල සහිත අත් බැගය කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (07) පස්වරුවේ දි කොල්ලකාගෙන පලාගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
මෙම තායිවාන ජාතික කාන්තාව ඇතුළු 20 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ගාලුකොටුවේ සංචාරය කිරිම සදහා පැමිණ තිබුණි. මොවුන් ගාලුකොටුවේ සංචාරය කිරිමෙන් පසු නැවත බස්රථයට ගොඩවිම සදහා ගාලුකොටුවේ ප්රධාන කොටුදොරකඩ අසලට පැමිණෙමින් සිටියදි ඇයගේ කළු පැහැති අත්බැගය කොල්ලකාගෙන ඇත. අනතුරුව එම කොල්ලයට සම්බන්ධ වූ පුද්ගලයා යතුරුපැදියකින් පැමිණි අයකු සමග පලාගොස් ඇති බව පොලිසියපවසයි.
එම අත්බැගය තුල තායිවාන ජාතික කාන්තාවට අයත් විදේශ ගමන් බලපත්රය,ක්රඩිට් කාඩ්පත් 04ක්, ඇමරිකානු ඩොලර් 320ක්, තායිවාන් මුදල් රුපියල් 6500ක්, ශ්රිලංකා මුදල් රුපියල් 9500ක් තිබු බව ඇය විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ. ගාල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්දව පරික්ෂණ පවත්වයි.