මේ වනවිට පුරප්පාඩු වී ඇති පොලිස්පති ධූරය ලබන සතියේ මැද වනවිට පිරවීමට නියමිතව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
මේ වනවිට වැඩ බලන පොලිස්පතිවරයෙක් ද පත් කර නැත්තේ හැකි ඉක්මන්නි එම ධූරයේ පුරප්පාඩුව පිරවීමට බව එම ආරංචි මාර්ග කියයි.
මේ වනවිට ඉතිහාසයේ මෙතෙක් නොවූ තරම් නරක බල තරගයක් එළිපිටම පොලිස්පති ධූරය වෙනුවෙන් සිදුවන ආකාරය මෙන්ම පොලිස්පති ධූරය අපේක්ෂිතව තරග වැද ඇති යම් නිලධාරීන් සම්බන්ධව සමාජයේ ඇති වී තිබෙන අප්‍රසාදය පිළිබඳව ද ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා නම් කිරීමේ දී සලසා බලනු ඇතැයි වාර්තා වේ.
දැනට බල තරගයේ යෙදී නැති තර්කාන්විතව හැමෝටම පිළිගත හැකිවන නිලධාරියෙක් පොලිස්පති ධූරය වෙත පත් කරනවා ද නොඑසේනම් හිටපු පොලිස්පතිවරයාට තවත් සේවා දිගුවක් ලබා දෙනවා ද යන්න විමසීමට බඳුන් වී තිබේ .
මේ වනවිට ශ්‍රී ලංකා පොලිසියේ සිටින පොලිස්පති ධූරය අපේක්ෂිත ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනෙක්වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට සිය අප්‍රසාදය නිල වශයෙන් පලකරමින් කාදිනල්තුමා විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.
මේ ලිපියට විරුද්ධව සහ එකඟතාවය පලකරමින් සංඝ සංස්ථාව තුළද සංවාදයක් ඇති වී තිබේ.
පවතින සංකිර්ණ තත්ත්වය සලකා බැලීමේ දී හිටපු පොලිස්පතිවරයා වෙත තවත් සේවා දිගුවක් ලැබෙන්නට වැඩි ඉඩක් ඇති බව ද දැනගන්නට තිබේ.