සමන්තිකා වීරවර්ධන –
සතිඅන්තයේ දින කීපයක නිවාඩුවක් පවතනි බැවින් වහාම සංචර සීමාවන් පනවන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් රජයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
පසුගිය අවුරුදු කාලය තුළ බැංකු, රෙදිපිලි සාප්පු, වෙළඳසංකීර්ණයන් තුළ කොවිඩ් රෝගය ආසාදිත වූවන් සැලකිය යුතු පිරිසක් හමුවිමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ගෙන් රෝගීන් වාර්තා වීම මේ වන විටත් සිදුවෙමින් පවතින බව සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරය.
සංචරණ සීමාවන් පැනවිමට රජය කටයුතු නොකළහොත් දැනට රටතුළ පවතින කොවිඩ් රෝග තත්ත්වය ඉදිරි දිනවලදී තවත් දරුණු ලෙස වැඩිවීම නොවැලැක්විය හැකි වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.