සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත ගත්ත මිල හෙළි කිරීම තහනම්… චීන සමාගමෙන් ලංකාවට දැඩි කොන්දේසි !

WHO අනුමත කළ ඵලදායීතාවය අඩුම කොවිඩ් එන්නත ලබා දෙන්නට චීන්නු ලංකාවට දාන සැර....

by editor
ජූනි 29, 2021
in පුවත්
Sinovac vaccination
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට  එන්නත් මාත්‍රා මිලියන 13ක් ලබා දීමේ එකඟතාවකට පැමිණ සිටින චීනයේ සිනොවැක් එන්නත් නිපදවන සමාගම අදාළ එන්නත් ශ්‍රි ලංකා රජය ලබා ගන්නා මිල ගණන් හෙළිදරව් කළහොත් වහාම මෙම ගනුදෙනුව අවලංගු කරන බවට කොන්දේසියක් ඇතුළු දැඩි කොන්දේසි කිහිපයක් දමා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත  පසුගිය (27) දා වාර්තා කළාය.

එම සමාගම එහි දේශීය නියෝජිතයා හරහා ඖෂධ නිෂ්පාදන , සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන   වෙත මේ බව දන්වා ඇති අතර මෙම කොන්දේසිය මිලදී ගැනීමේ ගිවිසුමට ඇතුළත් විය යුතු බවත් යම් හෙයකින් එම කොන්දේසිය කැඩුවහොත් මිල දී ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමට හෝ නෛතික පියවර ගන්නා බවත්ය.

සිනෝවැක් එන්නත නිපදවනු ලබන්නේ චීනයේ පෞද්ගලික සමාගමක් වන සිනෝවැක් ලයිෆ් සයන්සස් නම් සමාගම වන අතර එහි දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ කෙලුන් ලයිෆ් සයන්සස් නම් ආයතනයයි. මෙම ආයතනය මේ වනවිට සයිනොවැක් එන්නත මෙරට නිෂ්පාදනය කිරීමට අදාළව චීන සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකටද එලඹ ඇත. එම කර්මාන්ත ශාලාව පල්ලේකැලේ ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා ද රජය සමඟ එකඟතාවන්ට පැමිණ ඇත.

අදාළ ගිවිසුමේ කොන්දේසිවලට අනුව එන්නත් මිලියන 13ක් ශ්‍රි ලංකාව ලබා ගත යුතු වන අතර එයින් පළමු එන්නත් මිලියන 3 මිලදී ගන්නා විට ඊට අදාළ සම්පූර්ණ මුදලම ගෙවිය යුතු බවට කොන්දේසියක් දමා ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත. ඒ අනුව ඉතිරි එන්නත් මාත්‍රා මිලියන 10ටම ආපසු කැඳවිය නොහැකි (Irrevocobal) ණයවර ලිපියක් ලබා දිය යුතු බවටද සඳහන් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද එන්නත් අතුරින් අඩුම කාර්යක්ෂමතාව සහිත එන්නත ලෙස සැලකෙන්නේ මෙම එන්නත වන අතර එහි කාර්යක්ෂමතාව සියයට 50.6ක් පමණ වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

සයිනෝවැක් එන්නත ශ්‍රි ලංකාව කොවිඩ් එන්නත්කරණය පිළිබඳව මූලික අවධානය යොමු කරන කාලයේදීම ශ්‍රි ලංකාවට එය අනුමත කරන ලෙස ඉල්ලීම් කර ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත අදාළ චීන සමාගම ලිපි මඟින් දැනුම් දී ඇත්තේ චීනය සහ ශ්‍රි ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රිත මිත්‍රත්වය මත මෙම එන්නත ඉක්මනින් අනුමත කර දෙන ලෙසය.

එසේ වුවද මෙම එන්නතට අදාළ විද්‍යත්මක දත්ත ඒ වනවිට ලැබී නොමැති පසුබිමක් තුළ එම ඉල්ලීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙතින් ප්‍රතික්ෂේප වී තිබේ. කෙසේ වුවද මේ වනවිට එයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේද අනුමැතිය සඳහා යළිත් ඉදිරිපත්ව ඇත.

කෙසේ වුවද මේ පිළිබඳව තම ස්ථාවරය දැන ගැනීමට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ජයසුමන මහතාට ඇමතීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති සිපිරිගෙයට

Next Post

හන්තාන යළිත් ගිනි ගනී….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.