දකුණු අප්‍රිකාණු හිටපු ජනාධිපති ජේකබ් සූමා හට අධිකරණයට අපහාස කිරීමේ වරදට මාසය 15ක සිර දඬුවමක් නියමවී තිබේ.
ඒ අනුව එරට අධිකරණය විසින් සූමා හට දින 5ක් ඇතුලුත ඔහු ජීවත්වන ප්‍රදේශයේ ලඟම පොලිස් ස්ථානයකට භාරවෙන ලෙසද එහිදී නියෝග කර ඇත.
සූමා ජනාධිපතිව සිටි සමයේ සිදු කළ බවට චෝදනා එල්ලවූ දූෂණ සහ අකටයුතුකම් පිළිබඳ සොයා බැලීමට පත්කර තිබූ විමර්ශණ කොමිසම ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම සිර දඬුවම නියමවී තිබේ.
හිටපු ජනාධිපතිවරයා අදාල විමර්ශණ කමිටුව ඉදිරියේ එක් වරක් පමණක් පෙනීසිට ඇති අතර ඉන් අනතුරුව කොමිසම ඉදිරියේ පෙනිසිටීම ප්‍රතික්ෂේප කර තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරිය ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා උසාවියට අපහාස කර ඇති බව සනාථ වී ඇති බවයි.
එසේම කිසිවෙකු නීතිය ඉහළින් නොසිටින බවත් කුමන තනතුරක් දැරුවත් ඕනෑම තැනැත්තෙක් නීතියට යටත් බවත් තීන්දුව ප්‍රකාශ කළ විනිසුරුවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
සූමා 2009 සිට 2018 දක්වා දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබීය.