-
අනාගතේ පාස්කු ප්‍රහාරය වැනිම ප්‍රහාර එල්ල වන්න නියමිතයි. බලාගෙන ඉන්නකො…
-
දැන් කතෝලික සභාවෙ හිමිවරු ඇවිත් දාහෙ කතා කියනවා… අපි මේ ව්‍යසනය ගැන කියනකොට ඒ අය හිටියෙ අන්තවාදීන්ගෙ පැත්තෙ… මානව හිමිකම් ගැන කියමින් සුදු හුණු ගගා…
-
දැන් මේ රට වටකරලා ඉවරයි. ඒක නොතේරෙනවා නම් කාදිනල්ගෙ ප්‍රශ්නයක්…
අනාගතයේ පාස්කු ප්‍රහාරය වැනිම ප්‍රහාර එල්ල වීමට නියමිත බවත් බලාගෙන ඉන්නා ලෙසත් එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩ අත්තේ ඤාණසාර හිමි පැවසීය.
මේ රටම වට කර ඉවර බව නොතේරෙනවා නම් එය කාදිනල්ගේ ප්‍රශ්නයක් යැයි කී ඤාණසාර හිමි පාස්කු ප්‍රහාරය සම්බන්ධව බොහෝ සාධනීය දේ සිදුවෙමින් ඇති බවත්, අනතුර පෙන්වා දෙනවිට අන්තවාදීන්ට සුදු හුණු ගෑ කතෝලික සභාවට දැන් කලබල නොවී ඉන්නා ලෙසත් කීවේය.
එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපිත හිමි අද පොලොන්නරුවේ ජනතාවගෙන් අදහස් ලබාගැනීමකින් පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධව එම අදහස් පල කළේය.
ඤාණසාර හාමුදුරුවන් මෙසේ ද කීය.
“ මේක ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ මුළු රටම වටකරලා ඉවරයි. මේක කාදිනල්ට තේරෙන්නෙ නැතිනම් ඒක එයාගෙ ප්‍රශ්නයක්. කතෝලික සභාවෙ අපට පෙනනවා එක එක පියවරු ඇවිත් නොයෙක් විදිහෙ දාහෙ කතා දෙනවා. අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේ අනතුර පෙන්වා දෙනකොට ඒ ගොල්ලො හිටියෙ ඔය අන්තවාදී කල්ලි එක්ක. ඒවට සුදුහුණු ගගා මානව හිමිකම් ගැන කතා කළේ.“
“පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර ගණනාවක් මේ මහපොළොවෙ යථාර්ථයක් වීමට නියමිතයි. ඒව බලාගන්නකො තව ටික දවසකින් . ඔය හෙළිදරව් කිරීම්වලින් බලාගන්න පුලුවන් මේ රට කොතැනද තියෙන්නෙ කියලා. “
“පාස්කු ප්‍රහාරය ගැන බොහෝ දේවල් සම්බන්ධයෙන් ගොඩාක් තොරතුරු දැනගෙන තියනවා. ඒවා අදාල පරිදි ක්‍රියාත්මක වේවි. කාටවත් කලබල වෙන්නෙ නැතිව ඉන්න කියන්න. “







