අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එතනත් මාර්කටිං ද?… බයිබලයත් අරන් හිරේට ගිය ස්වං ප්‍රකාශිත දිවැසිවරයා!

by editor
දෙසැම්බර් 2, 2023
in පුවත්
Jerom
Share on FacebookShare on Twitter

දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු   මේ වනවිට බන්ධනාගාරයේය. ලබන 13 තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියමිතය.

ඔහුගේ අනුගාමිකයන් දැන් ඉන්නේ වේදනාවෙනි. එම පරිසක් ඔහුව බන්ධනාගාරගත  කළ ඊයේ (01) කොටුම මහේස්ත්‍රාත් අධිකරණය වෙතත් පැමිණ සිටියහ. ඒ තමන්ගේ දිවැසිවරයා තනි නොකිරීම සඳහාය.

ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලුවේය. එහෙත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඔහුට ඇප ලබා දුන්නේ නැත.  ඒ අතරේත් ජෙරොම් ඉන්නේ  මාර්කටින්වලය.    රක්ෂිත බන්ධනාගාරගත කළ ස්වයං ප්‍රකාශිත දිවැසිවර ජෙරොම්  බන්ධනාගාර බස් රථයට නැගුනේ බයිබලයත් රැගෙනය.

නාටකයේ එක් කොටසක තීරණාත්මක නිමාව එසේය. තවම ඉවර නැත. අපට හිතෙන්නේ හොඳම හරිය තව ඉතිරිව ඇති බවය.

අර්ධ පරිනාමික සමාජයක ආගමික විසංවාදය යනු මහා ව්‍යසනයක මුලය. බඩට බත් ඇටයක් නැති මිනිස්සුන්ට, බෙහෙත් නැතිව මැරෙන මිනිස්සුන්ට, තමන් උක් දඬුසේ හප කර විසිකළ පසු කානු පල්ලට වැටී සියලු අපේක්ෂා සිඳගත් මිනිස්සුන්ටත් තමන්ගේ කෝපය පිටකරගැනීමට මෙන්ම පාලකයන්ට මිනිස්සුන්ගේ සැබෑ වේදනාව අමතක කිරීමට  යොදා ගත හැකි කදිම මෙවලම ආගමික අවිචාරයන්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිවැසිවරයා ඒ නිලයට ගොබ්බ ලෙස අත තිබ්බේය. ඒ ඉරිදා දේශනාවකට බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආගම් සියල්ල එක මිටට ගෙන මිරිකා දමන ආකරයේ ප්‍රකාශයක් කරමිනි.

ප්‍රකාශයෙන් පසු වැඩේ පත්තුවන බව දැනගත් දිවැසිවර ජෙරොම් තෙමේ පසුගිය මැයි මස ලංකාවෙන් සිංගප්පූරුවට පැන ගත්තේය. එතැන් සිට 29 දක්වා ඔහු හිටියේ සිංගප්පූරුවේය.  හෙතෙම ලංකාවට එන්නේ ගුවන් තොටුපලේ දී ඔහුව අත් අඩංගුවට ගැනීම වළක්වමින් ලබා ගන්නා අධිකරණ නියෝගයකින් අනතුරුවය.

එම අධිකරණ නියෝගයටම අනුව පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ජෙරොම්ගෙන් එම දෙපාර්තමේන්තුව විසින් පැය 08ක් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගත්තේය. යළිත් ඊයේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නියෝග  කෙරිනි.

ඊයේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි   ජෙරොම් ප්‍රනාන්දු එම දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන  දහවල්  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

කොටුව මහේස්ත්‍රාත් තිලිණ  ගමගේ ඉදිරියේ  නඩුව කැඳවිනි.     කරුණු දැක්වීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පළමු කරුණු දැක්වූයේ එහි නීති අංශයේ ස්ථානාධිපතිවරයා ය.

”ස්වාමීනි, සැකකාර ජෙරම් ප්‍රනාන්දු, දේවගැතිවරයෙක් වශයෙන් ඉදිරිපත් කළ දේශනයක් හරහා ආන්දෝලාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා. “

“එසේම සැකකරු පවත්වාගෙන යන බෝන්අගේන් කියන සභාව කතෝලික සභාවේ ලියාපදිංචිවෙලා නෑ. ඔහුගේ දේශනා තුළින් සෑම ආගමික ලබ්ධිකයෙක්ම කලබල වෙලා තියෙනවා”

“මේක සංහිදියාවට බාධාවක්. සැකකරු සම්බන්ධ වෙලා හිටපු ආයතනයට විශාල මුදලක් විදේශවලින් ඇතුළු විවිධ පාර්ශ්වවලින් ලැබිලා තියෙනවා. ඒ ගැන ජාත්‍යන්තර පොලිස් සහාය ලබාගනිමින් විමර්ශන කරනවා.”  ඔහු සඳහන් කළේය.  අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව  ඉල්ලා සිටියේ, සැකකරු එක්සත් ජාතීන් ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත හරහා   රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

සැකකාර ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටියේ  ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩය.   ඔහු අධිකරණයට කිවේ  එක්සත් ජාතීන් ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වැරදි කළ බවට කරුණු දැක්වුවත් ඔහු දේශනාව සිදු කළේ බෝන්අගේන් යන දේව සභාව අතරතුර දී බවයි.

සිය සේවාදායකයා දිවයිනට පැමිණිය හොත් අත්අඩංගුවට ගන්නා බැවින් විදේශගත වී සිටි බවත් ඔහුට විදේශවල දේව මෙහෙයන් පැවැත්වීමට තිබූ බැවින් ලංකාවට නොපැමිණි බවත් ඔහු සඳහන් කර තිබිණි.

”ස්වාමීනි, 2023-04-29 දින පැවැත්වූ දේව මෙහෙයේ දී කළ දේශනයේ එක වචනයක් වත් බුදුන් වහන්සේට, බුදු දහමට, ඉස්ලාම් දහමට, හින්දු දහමට නිගා වන ආකාරයට සිදු කළේ නැහැ. මේක ජාතින් වාර්ගික හෝ ආගමික වෛරයක් ඇති වන ලෙස පෙළඹවීමක් කරලා නැහැ. එහෙත් ආගමික අප්‍රසන්තතාවක් ඇතිවෙන්න පුළුවන්. නමුත් කිසිවෙකු ගේ සිත්රිදවීමක් කළ පමණින් එක්සත් ජාතීන් ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පැවරිය නොහැකියි. ඒ අනුව සැකකරුට ඕනෑම ඇප කොන්දේසියක් මත ඇප ලබාදෙන්න ” ඔහු අධිකරණයෙන් ඉල්ලීමක්  කළේය.

අනතුරු ව යළි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නීති අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා  කර තිබිණි.

”ස්වාමීනි, සැකකාර ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කළ ප්‍රකාශය ඔවුන් පිළිගැනීම ගැන පළමුව ස්තුතිවන්ත වෙනවා.”

“ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා සැකකරු එක්සත් ජාතීන් ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වැරදි කර ඇති බව.”

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් පසු කොටුව මහේස්ත්‍රාත්වරයා  මෙසේ සිය නිගමනය ප්‍රකාශයට පත් කළේය.

“ලක් ඉතිහාසයේ ජාතීන් අතර ගැටුම් ඇති වී ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා. වර්තමානයේත් විටින් විට කරුණු වාර්තා වෙනවා. සැකකරු සතිපතා මෙවැනි දේශන කරන බවට පිළිඅරගෙන තියෙනවා. ඒ අනුව ඔහු ගේ අනුගාමිකයන්ට බලපෑමක් කරනවා. සැකකරු ගේ ප්‍රකාශ තුළින් අන් ආගම් අතර වෛරීත්වයක් ඇති විය හැකි බවට ගම්‍ය වනවා. මොහු ගේ දේශනා කරන කොට අනුගාමිකයින් ඔල්වරසන් දෙමින් ඉහළ ප්‍රතිචාර ලබා දී තිබෙනවා. සැකකරු ගේ ප්‍රකාශ දහම් දැනුම ලබාදීමට ඔබ්බෙන් ගිය වෛරී ප්‍රකාශන බව පෙනී යනවා. ප්‍රකාශනයේ නිදහස යනු, අනිත් අයට අපහාස කිරීමට දෙන නිදහස නොවෙයි. සැකකරු කළ ප්‍රකාශය ICCPR පනත යටතේ වරදක් බව පෙනී යනවා”

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා බන්ධනාගාරය වෙත රැගෙන යාම සඳහා බස් රථය වෙත නන්වාගත් පසු ඔහු පිටත් වුණේය.

ඔහු  ශුද්ධ වූ බයිබලය ද අතැතිවය බන්ධනාගාර බස් රථයට නැග්ගේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

Next Post

ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.