ඉඳුනිල් කහටපිටිය –
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අලුයමය. එය අපේ අධ්‍යාපන ගමනේ සුවිශේෂී කඩඉමක්ය. ඒ කඩඉම ජයගැනීම මහා වික්‍රමයක් නොවන්නට පුලුවන. එහෙත් ඒ විභාගයෙන් ලංකාවේ පළමුවැනියා වීම නම් මහා වික්‍රමයකි.
ඒ වික්‍රමාන්විත දියණිය මහනුවර මහාමායා බාලිකාවෙනි. ඇය සමාධි රණවකය. මේ ආදරණීය දියණිය සොයා ගියෙමු. ඇය සිරියාවන්ත සිනාවෙන් මුව සරසාගෙන විදුහලේ යෙහෙළියන් වරකොට උන්නාය. ඇයගේ යෙහෙළිකය වීමත් අභිමානයක් කොට සැලකූ දියණිවරු දකිමින් සිටියෙමු.
විදුහල්පතිනිය ආචාර්ය මණ්ඩලය පිරිවරාගෙන ඇය අද පාසලේ ගේට්ටුවන් ඇතුළුවන්නී සිය සොයුරියන්ගේ ප්‍රීතිමත් මුහුණු සහිත අත්පොලසන් මධ්‍යයේ ය. මුළු පාසලම මංගල්ලයක සිරි ගෙන ඇති අයුරු දුටුවෙමු.
සමාධි රණවක මධ්‍යමපලාතේ විද්වත් වෘත්තිකයෙකුගේ දියණියකි. ඒ ආඩම්බරකාර තාත්තා මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවකය. මව දේශානි ගුණතිලකය. පළමු වසරේ සිට මහාමායාවෙන් අධ්‍යාපනය ලද සමාධි පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් අනායාසයෙන්ම ලකුණු 171ක් ලබා ගත් තරු ලකුණක් ව සිටියාය. විෂය බාහිර ක්‍රියාකාරකම්හි ද ඇය කැපී පෙනිනි. පාසලේ කණිෂ්ඨ විද්‍යා සංගමයේ ලේකම් ලෙස ද ඇය ය
සමාධිගේ වැඩිමල් සොයුරියන් දෙදෙනා ද අධ්‍යාපනයේ කීර්තිමත් ලකුනු පෙන්වමින් සිටින්නියෝය. වැඩිමල් සහෝදරිය දෙව්මිණි රණවක උසස් පෙළ විභාග ප්‍රතිපල අනුව ජීව විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා ඇත්තීය. දෙවැන්නී යශෝධරා රණවක ජීව විද්‍යා අංශයෙන් මහනුවර මහාමායා බාලිකාවේම උසස් පෙළ හදාරමින් සිටින්නීය.
“ මං දැනගෙන හිටියා මට සාමාන්‍ය පෙළ විභාගයේ දී ඒ සමාර්ථ 09 ක් ලැබෙයි කියලා. ඒත් අනේ ලංකාවෙන් එක වෙයි කියලා නම් හිතුවෙ නෑ…” ඇය අප සමග සිනාසෙමින් කීවේ එසේය. “ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදරාලා අනාගතයේ දී වෛද්‍යවරියක වෙන්න ලොකු ආසාවක් තියනවා.” අනාගත සැලසුම ගැන ඉඟි කළ සමාධි අපට කීවේ මේ ගමන හුදකලාව පැමිණියක් නොව, බොහෝ දෙනාගේ උදව් උපකාර සහ ආශීර්වාද මැද පැමිණියක් බවය.
“ විදුහල්පතිනිය ඇතුළු පාසලේ ගරු මණ්ඩලයෙන් මගේ දෙමව්පියන් ගෙන්, සහෝදරියන් දෙදෙනාගෙන් ලැබුනේ විශාල සහයක්. මගේ ආදරණීය යාලුවො මාත් එක්ක ගොඩාක් දේවල් බෙදා ගත්තා. මහා ජයග්‍රහණ ලබාගන්න හිතාගෙන මම වැඩ කළේ නෑ.”
“ ඉලක්කයක් ඇතිව එදිනෙදා වැඩ එදිනෙදාම කළා. අවසන් වාර විභාගයට සූදානම් වූ නිසා විභාගය ආසන්න වෙත් දී පීඩනයක් නැතිව තමයි පාඩම් කළේ. “ සමාධි පැවසුවාය.
“සමාධි දුව පාසලට ගෙනාවේ විශාල කීර්තියක්. විදුහල්පතිවරිය මෙන්ම පාසලේ ආදි සිසුවියක් ලෙස මෙම ජයග්‍රහණය පිළිබඳව මට තියෙන්නෙ විශාල ආඩම්බරයක්.” මහනුවර මහාමායා බාලිකා විදුහලේ විදුහල්පති ශෂිකලා සේනාධීර කියන්නී එසේය.
“ එයා සාමාන්‍ය පෙළ කඩඉම ඉහළින්ම සමත්වුනා. එයාගේ වගකීම පාසල හා දෙමව්පියන් වෙනුවෙන් එයා ඉටු කළා. ගුරුවරුන් ගේ මග පෙන්වීම ලැබුණා. දෙමව්පියන් විදිහට අපි පීඩනයකින් තොරව අධ්‍යාපනය ලබා ගන්න දරුවට නිදහස දුන්නා. ආදරය විශ්වාසය දුන්නා. අවසනායේ දී ඒ සියල්ල ඇයව විශිෂ්ටත්වයට පත් කරලා තියනවා.” සමාධිගේ ආඩම්බරකාර තාත්තා මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක කීවේය.