බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

by editor
දෙසැම්බර් 1, 2023
in පුවත්
Shammi
Share on FacebookShare on Twitter

නියමිත මිල ගණන් අඩු තක්සේරු කරමින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන විසින් සිදුකළ රුපියල් කෝටි ගණනක බදු වංචාවක් සම්බන්ධව මේ වනවිට ශ්‍රී ලංකා රේගුව පරීක්ෂණ කරමින් පවතින බව අද (01) පාර්ලිමේන්තුවේ දී හෙළිදරවුව් වුනේය.

මේ හෙළිදරව් වීම සිද්ධ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරීන් පළවාහැර එම දූෂිතයන්ට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකට එක් වී යෝජනාවක් සම්මත කර ඇති මොහොතකය.

මේ වනවිට එම යෝජනාව රැගෙන පැමිණි ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ කැබිනට් මණ්ඩලයෙන් පළවාහැර ඇති අතර අනතුරුව සිදුවන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තවමත් කටයුතු කරන ශම්මි සිල්වාගේ මැදිහත් වීමෙන් මෙම නින්දා සහගත බදු වංචාව සිදුවී තිබිණි.

මේ වංචාව සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ පැවසුවේය.

“  අපේ රටේ ක්‍රිකට් ග්‍රව්න්ඩ් තුනක දඹුල්ල, පල්ලේකැලේ, කෙත්තාරාම ක්‍රීඩාංගනවලට ඇනවුම් කරලා තියනවා හැටයි තිහේ එල්.ඊ.ඩී ස්ක්‍රින් තුනක්

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී වංචනික ක්‍රියා තුනක් සිද්ධ කරලා තියනවා.

  1. ටෙන්ඩර් එක ඕපන් කරලා තියෙන්නේ 2023 ජුලි 14. නමුත් 14 ටෙන්ඩර් එක ඕපන් කරන්න කලින් 13 වැනිදාම සල්ලිවලින් කොටසක් යවලා තියනවා එක්තරා ආයතනයකට. ඒ මුදල ඩොලර් 29000ක්.
  2. දෙවැනි කාරණාව විශේෂයෙන් මං මතක් කරන්න කැමතියි මේ ටෙන්ඩර් එකේ ලන්සු තුනට ලන්සුකරුවන් ලෙස ඉදිරිපත් වෙලා තියනවා  මිලියන් ලාෆ් එන්ටර්ටෙන්මන්ට්, ඉමජින් ලාෆ් එන්ටර්ටේන්මන්ට්, ඇටම් ටෙක්නොලොජිස්, ජොන් කීල්ස් ඔටොමේෂන් කියන මේ ආයතන 04. හැබැයි ටෙන්ඩර් එකට ලන්සු තියලා තියෙන්නේ ආයතන දෙකයි. ඒ මිලියන් ලාෆ් එන්ටර්ටේන්මන්ට් සහ ඉමෙජින් එන්ටර්ටේන්මන්ට් කියන ආයතන.මිලියන් ලාෆ් එන්ටර්ටේන්මන්ට් එකේ ලන්සුව මිලියන් 360යි.  ඉමැජින් එන්ටර්ටේන්මන්ට් එක ඊට මිලියන් 25ක් අඩුවෙන් මිලියන 335යි.    ඉමැජින් එන්ටර්ටේන්මන්ට් එකේ ලිපිගොනුවල අත්සන් ගණනාවකින් එක අත්සනක් නැතෙයි කියලා මේ ටෙන්ඩර් එක දීලා තියනවා මිලියන 25ක් වැඩිපුර මිලක් ඉදිරිපත් කළ මිලියන් ලාෆ් එන්ටර්ටේන්මන්ට් ආයතනයට.  අර මුලින් කී ලෙස ටෙන්ඩරය විවෘත කිරීමට දිනකට කලින්  ඩොලර් 29000ක මුදලක් ( අද මිල අනුව රුපියල් අනූ පන් ලක්ෂ විසි හතර දාස් හාරසිය හැත්තෑවක්) බැර වන්නේ මේ ආයතනයේ ගිනුමට.
  3. තුන්වන කාරණාව තමයි බරපතලම කාරණාව. මේ මොහොතෙත් රේගුවේ නිලධාරීන් ඒ සම්බන්ධව මෙහෙයුමක් දියත් කරලා තියනවා  මේ ක්‍රීඩාංගන තුනේ ස්ථාපනය කරපු එල්.ඊ.ඩී තිර සම්බන්ධව. මොකක්ද කාරණාව. මේ ඔක්කොටම අය කරලා තියෙන්නෙ බදු මුදල ලක්ෂ 65යි. ඒ බද්ද අය කරලා තියෙන්නේ ඩොලර් 29000ක් ඇතුළත් කරලා අන්ඩර් ඉන්වොයිස් කරලා යවපු බිලට. ලෝකයේ ඕනෑම තැනක මේ ඩිජිටල් තිර තුනක මිල ඩොල්ර ලක්ෂ එක හමාරකට වැඩියි. (  ඒ කියන්නේ අද මිල අනුව හාර කෝටි අනූ දෙලක්ෂ හැට හතර දාස් පන්සියයක්. ඒ මිල අනුව බදු අය කළා නම් රජයට ලැබෙන බදු මුදල රුපියල් තුන් කෝටි හැට දෙලක්ෂයකට ආසන්නයි. ඒ අනුව දළ වශයෙන් බදු වංචාව දෙකෝටි අනූ හත් ලක්ෂයක්). ඔවුන් මේ වංචාව කරලා තියෙන්නේ නියමිත මුදලට වඩා අඩුවෙන් මේ උපකරණවල මිල තක්සේරු කරලා.

මේ ස්ක්‍රීන් තුනට  අඩුම ගානේ වැය වෙනවා ඩොලර් එක් ලක්ෂ පනස් දාහක්.  අපි කතා කරනවා රාජ්‍ය ආදායම නැතිවීම ගැන.

වැට් එක වැඩිකරනවා සියයට 15 සිට 18 දක්වා. බදු පටවනවා මිනිස්සුන්ට.  පක්ෂ භේදයෙන් තොරව යෝජනාවක් ස්ථිර කළා දූෂිත කල්ලිය ඉවත් කරලා අලුත් වැඩපිළිවෙළකට යනවා කියලා. එහෙම තියෙද්දි මේ වැඩේ වෙන්නේ.

විපක්ෂ නායකවරයා කීවේය. එවිට රාජ්‍ය මුදල් ඇමත් ශෙහාන් සේමසිංහ කීවේ රේගුව මේ වනවිට එම වංචාව සම්බන්ධව අදාල විමර්ශන සිදුකරමින් යන බවය.

එවිට විපක්ෂ නායකවරයා ඡායාරූප සහිතව හෙළිදරව් කරනු ලැබුවේ රේගුවේ සිදුවන මේ විමර්ශනත් සමග එම ඩිජිටල් තිර මේ වනවිට ක්‍රීඩාංගනවලින් ගලවා ඉවත් කිරීමට කටයුතු සිදුකර ඇති බව.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනාගත වක්තෘ අත් අඩංගුවට! අධිකරණයට ඉදිරිපත් කරයි…

Next Post

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.